මඤ්ඤොක්කා රොටි හදමු (Maknknokka Roti Hadamu)

මඤ්ඤොක්කා රොටි හදමු (Maknknokka Roti Hadamu) - Your Choice Way

අද මම ඔයාලට ගෙනාවෙ මඤ්ඤොක්කා රොටි . හැමදාමත් එකම රසට තම්බල කන මඤ්ඤොක්කා වෙනුවට අපි රොටියක රස බලමු 😍😍😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ✴️ ගාන ලද මඤ්ඤොක්කා කෝප්ප   2 ක්
  • ✴️ ගාන ලද  පොල් කෝප්ප 1 ක්
  • ✴️ පාන් පිටි කෝප්ප  1/4 ක්
  • ✴️ අවශ්‍ය පමන ලුනු

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ මඤ්ඤොක්කා පොතු ඉවත් කර සෝදා ග්‍රේටරයකින් ගා ගන්න.
  2. ✴️ ගානලද මඤ්ඤොක්කා වල වැඩි දියර ගතිය මිරිකා ඉවත් කරන්න.
  3. ✴️ මඤ්ඤොක්කා ,පාන් පිටි, පොල් සහ ලුනු  හොඳින් මිශ්‍ර කර ගුලියක් සකසා ගන්න. (මෙය තුනී කල හැකි රොටි පදමට විය යුතුයි.)
  4. ✴️ දැන් මේ පිටි සමාන කොටස් වලට වෙන් කර ගන්න.  (මේ ප්‍රමාණයෙන් මම වෙන් කලේ කොටස් 6 කට)
  5. ✴️ දැන් මේ පිටි බෝල කැන්ද කොලයක හෝ කෙසෙල් කොලයක අඟල්  1/4 ක් පමණ ඝනකම සිටින සේ තුනී කරන්න .
  6. ✴️ රොටි තැටියක් ලිප තබා එය රත් වූ පසු සාදා ගත් රොටි ඒ මත දමා රන්වන් පැහැ වනතුරු , දෙපැත්ත දමා පුලුස්සා ගන්න.
💚මෙම ප්‍රමාණය රොටි  6 කට සෑහේ 💚

සැකසුම : © නදීෂා ගමගේ ..එහෙනම් ඔයාලත් හදලා රස බලන්නකෝ 😍😍😍 

හෙළයේ රස මිහිර
මඤ්ඤොක්කා රොටි හදමු (Maknknokka Roti Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මඤ්ඤොක්කා රොටි හදමු (Maknknokka Roti Hadamu) මඤ්ඤොක්කා රොටි හදමු (Maknknokka Roti Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment