Maga Bala Bala Song Lyrics - මඟ බල බලා ගීතයේ පද පෙළ

Maga Bala Bala Song Lyrics - මඟ බල බලා ගීතයේ පද පෙළ
Song Title : Maga Bala Bala (මඟ බල බලා)
ගායනය : ධර්මදාස වල්පොල
පද :  ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි
1956 දී තිරගතවූ රම්‍යලතා චිත්‍රපටියෙනි.(මෙහි ඇතුළත් වෙන්නේ චිත්‍රපටියට ගැයුණු මුල් ගීතයයි. මෙම ගීයේ පසු ගායන බොහොමයක් ඇතත්, ඒ හැමකකම මුල් ගීය ට වඩා බොහෝ වෙනස්කම් තිබේ. පසු ගැයුම් ශ්‍රවණය කළොත්, ඒ පසු නිර්මාණ කරන ලද්දේ කුමන අරමුණක් පෙරදැරි කරගෙන ද යන්න තේරුම් ගත හැකි වනවා ඇත.)


මඟ බල බලා
ඇතිය මගෙ සුදා
සුකොමල සිරියා
ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා //

පිපි මල වගෙ උවන දිලිසෙනා
ප්‍රේම සුගන්දේ දස අත විහිදා //
ඒ පෙම් කුසුමේ මධු රස උරනා
බිඟු රජ ලෙස මම යමි පියඹා

මඟ බල බලා
ඇතිය මගෙ සුදා
සුකොමල සිරියා
ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා

මා ප්‍රේම රැජිණි මා දුටු විගසිනී
ලැජ්ජාවෙ සැඟවි ඉඟි බිඟි පාවී //
නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ
රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා
ඇතිය මගෙ සුදා
සුකොමල සිරියා
ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා

බැඳි සෙනහසේ ළදරු වයසෙදී
වැඩුණි හදේ දින දින මෝරා //
ඒ සිරියාවී මාගෙ මනාලී
දකිනා සේ බිඟු ලෙස යමි පියඹා

මඟ බල බලා
ඇතිය මගෙ සුදා
සුකොමල සිරියා
ප්‍රේමෙන් සනසන්නටා
අඳුරට පෙර යමි ලහි කරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maga Bala Bala Song Lyrics - මඟ බල බලා ගීතයේ පද පෙළ Maga Bala Bala Song Lyrics - මඟ බල බලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2022 Rating: 5

0 comments:

Post a Comment