Hoda Hoda Ma Weya Lowa Song Lyrics - හොඳ හොඳ ම වේය ලොව ගීතයේ පද පෙළ

Hoda Hoda Ma Weya Lowa Song Lyrics - හොඳ හොඳ ම වේය ලොව ගීතයේ පද පෙළ

Hoda Hoda Ma Weya Lowa Song Lyrics - හොඳ හොඳ ම වේය ලොව ගීතයේ පද පෙළ
Song Title : Hoda Hoda Ma Weya Lowa (හොඳ හොඳ ම වේය ලොව)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව හා සංගීතය : ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)
1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.ලතා, ධර්මදාස වල්පොල සමගින් චිත්‍රපටි යුග ගී ගායනයකට එක්වූ ප්‍රථම අවස්ථාව "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වේ. එපමණක් නොව,  ධර්මදාස වල්පොලගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය ද එක්වන්නේ "ප්‍රේම තරඟය" චිත්‍රපටියටයි. (ධර්මදාස වල්පොල ලතා සමඟ විවාහ වන්නේ පසු කලෙකයි. මේ අවධියේ ලතා, ලතා වල්පොල නොව, මාතරගේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දු ය. කලා ක්ෂේත්‍රයට ඇගේ නම ලතා ලෙස යෝග්‍ය බව කියා ඒ නම ස්ථාපනය වන්නේ සුසිල් ප්‍රේමරත්නයන්ගේ යෝජනාවකිනි.)ප්‍රේම තරඟය චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන්, ඉන්දීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මුත්තුසාමි මහතා සම්මානයකින් පිදූ බව වාර්තාවේ. මෙම චිත්‍රපටියේ සියලු ගී තනු ස්වතන්ත්‍ර නිර්මාන බව සඳහන් කරමි.


හොඳ හොඳ ම වේය ලොව
කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිණුවේ
සිත ඊර්ෂ්‍ය මාන ගති
නැති නිසාම අපි
ප්‍රේම තරඟෙ දිණුවේ //

බොහො ප්‍රේමෙ පුෂ්ප වියළේ
මව් පියගෙ ප්‍රේමෙ සුදිලේ
ලොව සැමට ශාන්ති සදනා
මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම් //

හොඳ හොඳ ම වේය ලොව
කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිණුවේ
සිත ඊර්ෂ්‍ය මාන ගති
නැති නිසාම අපි
ප්‍රේම තරඟෙ දිණුවේ

මා ජීව අර්ධෙ ස්වාමී ස්වාමී 
මා ජීව අර්ධෙ ප්‍රේමී ප්‍රේමී //

මල්සරා මගේ ප්‍රේමා ප්‍රේමා
මා පතිනි පියුම් කාන්තා දේවී

ලොව සැමට ශාන්ති සදනා
මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්

ලොව සැමට ශාන්ති සදනා
මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්

හොඳ හොඳ ම වේය ලොව
කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිණුවේ
සිත ඊර්ෂ්‍ය මාන ගති
නැති නිසාම අපි
ප්‍රේම තරඟෙ දිණුවේ

හොඳ හොඳ ම වේය ලොව
කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිණුවේ
සිත ඊර්ෂ්‍ය මාන ගති
නැති නිසාම අපි
ප්‍රේම තරඟෙ දිණුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hoda Hoda Ma Weya Lowa Song Lyrics - හොඳ හොඳ ම වේය ලොව ගීතයේ පද පෙළ Hoda Hoda Ma Weya Lowa Song Lyrics - හොඳ හොඳ ම වේය ලොව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment