C.T Fernando NONSTOP Karoke Song - සී.ටී. ප්‍රනාන්දුගේ එකදිගට කැරොකේ ගීතය

Video Source - https://www.facebook.com/sinhalakarokesongs/videos/204101964645176/

Mee Wadayaki Jeewithe Song Lyrics - මී වදයකී ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Mee Wadayaki Jeewithe (මී වදයකී ජීවිතේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1969 දී තිරගතවූ "කවුද හරි" චිත්‍රපටියේ ගීයකි.


මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා ගුමු ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ

මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉහිරෙණ මල් වැල්
ඔවුන් සොයාගෙන යමූ

හිරු නාවාදෙන්
සඳ ගිලුණාදෙන්
ඉන්නා ටික කාලෙදී
රසට රසක් වී මිහිරට එක්වී
අපි වෙමු මී මැසි පොදී

මී මැස්සෝ ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි

මී මැස්සෝ (මී මැස්සෝ)
ඔබයි මමයි (ඔබයි මමයි)
මී මැස්සියෝ ළඳුන් තමයි

මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා ගුමු ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ

ලස්සණ දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟනරාලයි
දෑසට දේ රස සුවේ

සන්තෝසෙයි දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ හිතයි

සන්තෝසෙයි (සන්තෝසෙයි)
දුකයි සැපයි (දුකයි සැපයි)
සාදා දෙන්නේ අපේ හිතයි

මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා ගුමු ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ

මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉහිරෙණ මල් වැල්
ඔවුන් සොයාගෙන යමූ
ඔවුන් සොයාගෙන යමූ
ඔවුන් සොයාගෙන යමූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
C.T Fernando NONSTOP Karoke Song - සී.ටී. ප්‍රනාන්දුගේ එකදිගට කැරොකේ ගීතය C.T Fernando NONSTOP Karoke Song - සී.ටී. ප්‍රනාන්දුගේ එකදිගට කැරොකේ ගීතය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2022 Rating: 5

0 comments:

Post a Comment