බිම්මල් සැන්ඩ්විච් හදමු (Bimmal Sandwich Hdamu)

බිම්මල් සැන්ඩ්විච් හදමු (Bimmal Sandwich Hdamu) - Your Choice Way

රසවත් මෙන්ම පෝෂණීය ගුණයෙන් ඉතාමත් ඉහළ බිම්මල් වලින් සැන්ඩ්විච් එකක් හදා ගන්න විදිය තමයි මං අද ඔයාලට කියලා දෙන්නෙ.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 අමු බිම්මල් 200g ක්
  • 🔸 පාන්පිටි 100g ක්
  • 🔸 බිස්කට් කුඩු ටිකක්
  • 🔸 බටර් ටිකක්
  • 🔸 පෙති කපාගත් තක්කාලි 200g ක්
  • 🔸 පෙති කපාගත් ලොකු ලූනු  200g ක්
  • 🔸 සලාද කොල ටිකක්
  • 🔸 පොල් තෙල්/ එලවලු තෙල්
  • 🔸 අබ ක්‍රීම් / අබ කුඩු ටිකක්
  • 🔸 ගම්මිරිස් කුඩු
  • 🔸 ලුනු කුඩු
  • 🔸 පෙති කැපූ පාන්, රොටි හෝ බර්ගර් බන්ස් කිහිපයක් මං මේක සැන්ඩ්විච් කලේ රොටි වල, පොල් රොටි වලට වඩා පොඩි වෙනසක් කලා. ඔයාලත් කැමති නම් මේ විදියට රොටි හදා ගන්න පුලුවන්.

රොටි සඳහා :
  • 🔸 පාන් පිටි කෝප්ප 2 ක්
  • 🔸 පොල්කිරි අවශ්‍ය පමණ 
  • 🔸 බේකින් පවුඩර් තේ හැඳි  1ක්
  • 🔸 අවශ්‍ය පමණ ලුනු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ පිටි එකට බේකින් පවුඩර් එකතු කර හලා ගන්න.
  2. ♨️ ලුනු සමග හොඳින් මිශ්‍ර කරන්න.
  3. ♨️ පොල් කිරි ටික ටික එකතු කරමින් පිටි මෝලිය අනා ගන්න.
  4. ♨️ පැය 1/2 ක් පමණ තබන්න.
  5. ♨️ දැන් පිටි මිශ්‍රණය කුඩා කොටස් වලට වෙන් කර තුනී කර රොටි සාදා ගන්න.
  6. ♨️ රත් කරගත් රොටි තැටියක තෙල් ටිකක් ආලේප කර රොටිය ඒ මත දමා දෙපැත්ත පුලුස්සා ගන්න.
  7. ♨️ දැන් අපි බිම්මල් ටික සකස් කරගමු.මුලින්ම බිම්මල් සෝදා වතුර මිරිකා ගන්න.
  8. ♨️ දැන් පාන්පිටි වලට ලුනු කුඩු මිශ්‍ර කර අවශ්‍ය පමණ වතුර එක් කරමින් බැටර් එක හදා ගන්න.
  9. ♨️ හදාගත් බැටර් එකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරන්න.
  10. ♨️ දැන් වතුර ඉවත් කරගත් බිම්මල් මේ බැටර් එකෙහි පොඟවා පාන් කුඩු නැත්නම් බිස්කට් කුඩු දවටා රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න.
  11. ♨️ බටර් , අබ ක්‍රීම් හෝ අබ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු  හොඳින් මිශ්‍ර කරන්න.
  12. ♨️ පාන් පෙතිවල හෝ රොටිවල එම මිශ්‍රණය තවරා ගන්න.
  13. ♨️ දැන් රොටියක් මතට හෝ පාන් පෙති දෙකක් අතරට බැදගත් බිම්මල් , ලොකු ලූනු පෙත්තක්, තක්කාලි පෙත්තක් , සලාද කොලයක් තබා සැන්ඩ්විච් කර ගන්න.
ඔයාලට කැමති නම් තක්කාලි සෝස්, චිලී සෝස් හෝ මයෝනීස් සෝස්  ඒ අතරට එකතු කර ගන්න පුලුවන්.
😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස බලන්නකෝ , අපටත්  ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 😍
සැකසුම : © නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
බිම්මල් සැන්ඩ්විච් හදමු (Bimmal Sandwich Hdamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිම්මල් සැන්ඩ්විච් හදමු (Bimmal Sandwich Hdamu) බිම්මල් සැන්ඩ්විච් හදමු (Bimmal Sandwich Hdamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 28, 2022 Rating: 5

0 comments:

Post a Comment