Atha Denna Denna Mata Song Lyrics - අත දෙන්න දෙන්න මට ගීතයේ පද පෙළ

Atha Denna Denna Mata Song Lyrics - අත දෙන්න දෙන්න මට ගීතයේ පද පෙළ
Song Title : Atha Denna Denna Mata (අත දෙන්න දෙන්න මට)
ගායනය : ලතා වල්පොල සහ එස්. දක්ෂිණමූර්ති
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.1955 දී තිරගතවූ "Teerandaz" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Yeh Hasin Sham" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.එකදු සිංහල වචනයක් හෝ නොපවසා, සිංහල ගීයකට එස්. දක්ෂණමූර්ති ගායනයෙන් දායක වන තවත් අවස්ථාවකි මේ ගීය.


අත දෙන්න දෙන්න මට
එන්න එන්න ගෙට සුබ වෙලාව ආවා
සැනසීම ප්‍රීති සැප වාසනාව හා ජය ඔබනේ ලැබේවා //
ඔබනේ ලැබේවා
ඔබනේ ලැබේවා

හෝ ඕ ඕ ඕ... ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

හැඩ මැණික දන්නෙ නැති කණෙකු වාගෙ මං බැරිය බැරිය කීවේ //
(හහ් හහ් හා....)
ඔබෙ බලය තරම ගැන ඇසුව පසුව පෙම් ගී කියන්න ආවේ

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

මගෙ සිතුම පැතුම කළ තැකුම විකුම මතු සුන්වෙලා නොයේවා (හඃ)
යහපතට සෙතට කළ හොඳට පිහිට දෙවියනි ඔබෙන් ලැබේවා

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

අද බාරගන්න මම තෑගි දෙන්නෙමී ජීවිතේම මාගේ (හහ් හහ් හා..)
අද බාරගන්න මම තෑගි දෙන්නෙමී ජීවිතේම මාගේ (බ්බ්ර්ර්..)
විශ්වාස නැද්ද ඉස්තීර ආලෙ ගැන තාම පෙම්බරීගේ

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..

හොඳ සැපත විපත හෝ යසස අයස හෝ ඉන් මටත් ලැබේවා
මා සිතන පතන දේ මිසක දුක වදේ මතු ළඟා නොවේවා
ළඟා නොවේවා
ළඟා නොවේවා

හෝ ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ.. ඔඔඕ.. ඕ..
හහ් හහ් හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Denna Denna Mata Song Lyrics - අත දෙන්න දෙන්න මට ගීතයේ පද පෙළ Atha Denna Denna Mata Song Lyrics - අත දෙන්න දෙන්න මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment