Seen Eka Mekayi Song Lyrics - සීන් එක මේකයි බං ගීතයේ පද පෙළ

Seen Eka Mekayi Song Lyrics - සීන් එක මේකයි බං ගීතයේ පද පෙළ
Song Title : Seen Eka Mekayi (සීන් එක මේකයි බං)
Producer : Dhanushka Wicramasinghe
Lyrics : Dhanushka Wickramasinghe /@SHAN PUTHA 
Manager : Ishan samindika
Production Supervision : Avishka V. Konara
Director | DOP | VFX & Edited By : Pathum.D (Panda)
Production Cordinator : Gayashan De Silva - Oshada Geeth
Gaffer : Subodh Dhilshan
Production Manager : Madhuka S. Kelum
Special Thanks Kalhara Neranjan Bandara & Team Studio Kassa
For Business Enquiries : 0763348689 Ishan


මල්ලි මම ගෝඨා
දාන්නෑ මම බාටා
ඩ්‍රයිවර් කෙනෙක් වගෙ
මම ලොරි වල ටාටා
යන්නෑ මම ගාටා
කන්නෑ මාගරීටා
හැබැයි පොඩි වංගුවක් ගද්දි
මම ගියා රූටා

රෑට රූටා ගියේ බස් එකෙ මම ටාටා
පාට පාට ෆයිල් අස්සෙ දාලා තිබ්බ ඩේටා
සටපට ගාලා ඉස්සුවා කිව්වෙ නෑ මම වෙන කාටත්
අමතක වෙලා මම දාලා ඇවිත් කොටු ශෝටත්

බේර ගන්න මාව ඤාණා ගියා ගම කතර
බාර ගන්න බෑලු මාව මුසවෙනි මිතුර
නතර වුනෙ Rub’ al Khali ලඟ වැලි කතර
ආයෙ ගමට එන්නෙ නෑ කරන්න පිළිසඳර

කොහොමත් සීන් එක මේකයි බං
ජනාධිපති නම්, නාකියි
අපි කිව්වොත් ඕන්න පනහක් සීයක්
උනත් බස්සනව කාකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි

ආන්ඩුවක් ගන්න වෙන්නෙ නෑ මේ කපේට
ආතල් ගන්නව සමහරු මගෙ ලපේට
තුනක් හොඳටම ඇති මගෙ වටේට
වැඩක් කල යුතුමයි මේ මුතු ඇටේට

සමහරු කියනව ජේ වී පී
බටයක් දාලා පී වී සී
උගන්නනවා ඒ බී සී
නිවුස්වලින් ආවත් මොකෝ බී බී සී

ජනපති කම නැද්ද මල්ලි මට උරුම
මොනවද මල්ලි මම පෙර කර කරුම
බයිසිකලේ සැපයි කියලා පදිනව බයියො තරුණ
කන්ද යද්දි චේන් පනින්නෝන එතකොට තමයි මරුම

කොහොමත් සීන් එක මේකයි බං
ජනාධිපති නම්, නාකියි
අපි කිව්වොත් ඕන්න පනහක් සීයක්
උනත් බස්සනව කාකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි

ගෙදරක
හයදෙනෙක් ඉන්නවනම් දෙන්නෙකුට උයන්න ඕනෙ
ඇඟට හරියන්නත් එක්ක පයින් පාරෙ දුවන්නෝනෙ
කේස් එම ආවොතින් ක්ෂණික වෙඩි තියන්නෝනෙ
ඉදිරි සති අමාරුයි විශේෂයෙන්ම කියන්ටෝන

තාම
කොල්ලා වගේ කොන්ඩෙ මෙහෙම වෙලා තිබුනට සුදුම
අටවන ජනපතිම වෙච්ච එකයි මටත් පුදුම
ගොඩ ගන්න යනව තව මාස පහක් හයක් අඩුම
ඊට කලින් ආයෙ ඇවිස්සිලා ආවොත් තමයි බඩුම

දැන් තියෙන්නෙ අලුත් මාතෘකා මහබැංකු කැලේ
රජ මැදුරු වල ඉන්නව ආපු උන් ඉඳලා පැලේ
මුං කන්නගත්තම ඉවරයක් නෑ වැඩියි ඇඟේ තෙලේ
පොඩි උන්ට මොකට සැප ඔක්කොම උන්ට ඉහල පෙලේ

හැමෝටම සෙත් පතනව මගේ පියානන්ගෙ නාමෙන්
ප්‍රයෝජනයක් ගනිල්ලා උඹලා අදහන ඔය දහමෙන්
හොද්දක් රස වෙන්නට දාන්නෝනම තුන පහ මෙන්
රට හදන්නනම් මම එන්නෝන රාමෙන් රාමෙන් (ආමෙන් මෙන්)

තුන් පෝයටම සිල් අරගෙන පුංචි මම පේවේ
උසනම් කම්කරු මිටිනම් ආරක්ෂක සේවේ
කොච්චරකිව්වත් තාමත් මුංගෙ චන්ද පාවේ
මේපාරත් කෙලවුනොතින් මම යනවා නෝවේ

ෆුල්
හින්දුස්තාන් පොරක් මම උඹලා අදහන බැතියෙනන්
පොඩ්ඩක් ඉවසල ඉන්න මල්ලි රංජා එනවා සතියෙන්
එලවලා දැම්මා එක පාරක් හොරෙක් වගේ පිටියෙන්
රජකමේ ඉන්න ට්‍රයි එක යනගමනුත් හැරමිටියෙන්
මතක හැටියට මං ඇතුලෙ හිටියා
අවුරුදු එක හමාරක්
මූනට හම්බුනොත් වැටෙන්න ගහනවා
දෙකේ දාලා වමත් පාරක්
බොරුනෙවෙයි ගෙයක් තියා ගෙදරකට
යන්න නෑ තාමත් පාරක්
උඹලා හරක්
කරගන්න එපා
මාව නරක්

මුං හැමදේම කර ගන්නවා
පොඩි එකාව තම්බලා
ලොකු ඇඟ පත ඇතුලෙ හුලං
නෙවෙයි තියෙන්නෙ පුම්බලා
වැඩිය දඟලන්න ආවොත් ගෙනල්ලා
හන්දියේ පිටියට බංබලා
කුණුහර්ප කියලා බං බොලා
කවනව කරවල කුම්බලා

මල්ලි පත්තු කරපන්
නිවපු කංසා බාගෙ
දියවන්නාවෙ ඉන්න
ගොඩක් උන්ට අංස බාගෙ
පාර්ලිමේන්තු ඇවිත් ඉස්සර
වැඩ කරපු උන් ගං සබාවෙ
මං එන්න කලින් බඳීවිද
මල්ලි පියුමි හංසමාලි

කොහොමත් සීන් එක මේකයි බං
ජනාධිපති නම්, නාකියි
අපි කිව්වොත් ඕන්න පනහක් සීයක්
උනත් බස්සනව කාකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seen Eka Mekayi Song Lyrics - සීන් එක මේකයි බං ගීතයේ පද පෙළ Seen Eka Mekayi Song Lyrics - සීන් එක මේකයි බං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment