Sathyangana Song Lyrics - සත්‍යාංගනා ගීතයේ පද පෙළ

Sathyangana Song Lyrics - සත්‍යාංගනා ගීතයේ පද පෙළ
Song Title : Sathyangana (සත්‍යාංගනා)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


හාහ හාහ හා ආ හහආ... ///

සත්‍යාංගනා ////
අසත්‍යයේ මල් යහනේ
සත්‍යයේ රන් සිහින දකින්නී
අසත්‍යයේ ගිරි සිරසේ
සත්‍යයේ දුල් පහන තබන්නී
සත්‍යාංගනා ////

ආහා ....
ආහා ....
ආහා ....
ආහා ....

නටුවෙන් සිඳ පෙති පෙති සිඳලූ
මුගුරින් ඇණ පා යට තෙරපූ

නටුවෙන් සිඳ පෙති පෙති සිඳලූ
මුගුරින් ඇණ පා යට තෙරපූ

රතැසින් රුහිරය පුදලූ
සත්‍යාංගනා (සත්‍යාංගනා)
පුදුමෙන් පුදුමයි නුඹ තවමත් නොසැළී හිඳිමින්
හිනැහෙන අයුරු

හාහ හාහ හා ආ හහආ... ///

සයුරෙන් පැන් සනහනු මතුදා
දෙඅතින් හිරු වළකනු එඩිපා

සයුරෙන් පැන් සනහනු මතුදා
දෙඅතින් හිරු වළකනු එඩිපා

සුළඟින් මෙර කළඹනු තෙද පා
සත්‍යාංගනා (සත්‍යාංගනා)
රුහිරෙන් පුද දුන් නුඹ දිවියෙන් දිදුලා ගෙන එන්
සත්‍යය මහරූ

අසත්‍යයේ මල් යහනේ
සත්‍යයේ රන් සිහින දකින්නී
අසත්‍යයේ ගිරි සිරසේ
සත්‍යයේ දුල් පහන තබන්නී
සත්‍යාංගනා ////
සත්‍යාංගනා ////
සත්‍යාංගනා ////
සත්‍යාංගනා ////
ආහා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathyangana Song Lyrics - සත්‍යාංගනා ගීතයේ පද පෙළ Sathyangana Song Lyrics - සත්‍යාංගනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment