Hansa Githaya Gaya Hamarayi Song Lyrics - හංස ගීතය ගයා හමාරයි ගීතයේ පද පෙළ

Hansa Githaya Gaya Hamarayi Song Lyrics - හංස ගීතය ගයා හමාරයි ගීතයේ පද පෙළ
Song Title : Hansa Githaya Gaya Hamarayi (හංස ගීතය ගයා හමාරයි)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : මර්වින් පෙරේරා


හංස ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස බඳ වට විදා දිලුණු
අත්තටු ගිනි ගනී

සඳේ කිරණ විල්ලුද ලූ මඟ දෙස ඈ නෙතු අයා
ඇගේ සිහින ඔබ දෝතින් ගෙන එන රෑ එළි කළා
හිමේ සිසල දුරු කළ ඉර පාමුල
කඳුළක් තියා
ඔබේ රුවක් හෝ නොදැකම විලටත් නොකියා ගියා

හංස ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස බඳ වට විදා දිලුණු
අත්තටු ගිනි ගනී

ප්‍රමාද වූ පෙම්වතුනි ඉවුරු දෑලේ වැළපෙනා
ඔබේ හැඬුම් හඬ කඳු සසැලූවද ඈ නොඅසනා
දැවී සිඳී ගිය අත්තටු යුවලට නෙත් පෙති තියා
බලන් විලේ තනි කැකුළක් ඇහැරෙයි විවරණ පතා

හංස ගීතය ගයා හමාරයි සුදු හංසිනී
හංස බඳ වට විදා දිලුණු
අත්තටු ගිනි ගනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hansa Githaya Gaya Hamarayi Song Lyrics - හංස ගීතය ගයා හමාරයි ගීතයේ පද පෙළ Hansa Githaya Gaya Hamarayi Song Lyrics - හංස ගීතය ගයා හමාරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 25, 2022 Rating: 5

0 comments:

Post a Comment