පොල්කේක් හදමු (Pol Cake Hadamu)

පොල්කේක් හදමු (Pol Cake Hadamu) - Your Choice Way

අද මං ඔයාලට  රසම රස පොල් කේක් එකක් හදා ගන්න විදිය කියලා දෙන්න හිතුවා. මේකට ගොඩාක් දේවල් ඕනත් නැහැ ලේසියෙන් හදා ගන්නත් පුලුවන් , ඒවගේම කන්න කන්න ආස හිතෙන රසක් තියෙනවා 😍. ඔයාලත් හදලා  බලන්නකෝ 😋

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ♨️ ගාගත් පොල් 300g ක්
  • ♨️ පාන්පිටි 150g ක්
  • ♨️ සීනි 250g ක්
  • ♨️ බිත්තර 2 ක්
  • ♨️ බේකින් පවුඩර් තේ හැඳි 1 1/4 ක්
  • ♨️ බේකින් සෝඩා තේ හැඳි 1/2 ක්
  • ♨️ උණු වතුර 180ml 
  • ♨️ කජුමද ටිකක් 
  • ♨️ වැනිලා තේ හැඳි 1 ක් 
  • ♨️ ලුනු කුඩු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ⭕ මුලින්ම සීනි මේස හැඳි 3 ක් පමණ භාජනයකට දමා රත් කර කැරමල් කර ගන්න.
  2. ⭕ එයට උණු වතුර සහ ඉතිරි සීනි එකතු කර පැණි පදමට එනතුරු උණුකරන්න.
  3. ⭕ පසුව එයට ගාගත් පොල් සහ ලුනු කුඩු ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර පොල් මැලවෙන තුරු පිස ගන්න. ( කැමති නම් කුඩු කරගත් මාදුරු, කරඳමුංගු කුඩු ටිකක් එකතු කර ගන්න.)
  4. ⭕ සාදාගත් පැණිපොල් නිවෙන්න තබන්න.
  5. ⭕ පිටි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා හලා ගන්න.
  6. ⭕ බිත්තර පෙන එනතුරු ගසන්න.
  7. ⭕ ගසා ගත් බිත්තර නිවුනු පැණිපොල් එකට මිශ්‍ර කරන්න.
  8. ⭕ හලාගත් පිටි සහ වැනිලා එකතු කර හැන්දකින් හොඳින් මිශ්‍ර කර ගන්න.
  9. ⭕ අඟල් 8 ක තැටියක බටර් තවරා ගත් බේකින් පේපර් එකක් දමා කේක් මිශ්‍රණය එයට දමා තුනී කර ගන්න.
  10. ⭕ උඩින් කජුමද දමන්න.
  11. ⭕ 160 °C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 25 ක් 30 ක් පමණ බේක් කරන්න.

හෙළයේ රස මිහිර
පොල්කේක් හදමු (Pol Cake Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොල්කේක් හදමු (Pol Cake Hadamu) පොල්කේක් හදමු (Pol Cake Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2022 Rating: 5

0 comments:

Post a Comment