මල් ගෝවා බැදුම (Mal Gowa Baduma)

මල් ගෝවා බැදුම (Mal Gowa Baduma) - Your Choice Way
ඔන්න මං  ඔයාලට හතු බැදුම වගේම ඉතාම රසවත් කෑම වට්ටෝරුවක් තමයි අදත් අරන් ආවෙ. ඔයාලට මේකත් පුළුවන් විශේෂ අවස්තාවකදි හදා ගන්න . ලඟ එන උත්සව කාලෙදි ඔයාලට මේ රසවත් වට්ටෝරුව වැදගත් වේවි කියලා හිතනවා

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🎈 මල්ගෝවා 300g ක් පමණ මලක්
  • 🎈 කෝන්ෆ්ලාර් හෝ පාන්පිටි ටිකක්
  • 🎈 බිත්තර සුදුමද 1 ක්
  • 🎈 කොටු කපාගත් බී ලූනු ගෙඩියක්
  • 🎈 කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
  • 🎈 දිග අතට සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2 ක්
  • 🎈 කරපිංචා ඉත්තක්
  • 🎈 තලාගත් ඉඟුරු සහ සුදුලූනු ටිකක්
  • 🎈 සිහින්ව කපාගත් වියලි මිරිස් කරල් 2 ක්
  • 🎈 අබ ඇට තේ හැඳි 1/2 ක් පමණ
  • 🎈 කෑලි මිරිස් තේ හැඳි 2 ක්
  • 🎈 ගම්මිරිස් කුඩු ටිකක්
  • 🎈 කහකුඩු ටිකක්
  • 🎈 සීනි තේ හැඳි 1 ක්
  • 🎈 විනාකිරි මේස හැඳි 1 ක්
  • 🎈 අවශ්‍ය පමණ ලුනු
  • 🎈දෙහි යුශ ටිකක්
  • 🎈 බැදීමට අවශ්‍ය පමණ තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ මුලින්ම ගෝවා මලේ කිනිති කපා සෝදා වතුර ඉවත් වෙන්න තබන්න.
  2. ♨️ පසුව ලුනු කුඩු, කහකුඩු සහ ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර පසෙකින් තියන්න.
  3. ♨️ පසුව එයට බිත්තර සුදුමද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. ♨️ දැන් තාච්චියක් හෝ පෑන් එකකට තෙල් දමා රත් කරන්න.
  5. ♨️ බිත්තර සුදුමද තවරා ගත් මල් ගෝවා කැබලි කෝන්ෆ්ලාර් හෝ පාන්පිටි වල දවටා රත් වූ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  6. ♨️ බැදගත් මල් ගෝවා කැබලි තෙල් ඉවත් වීමට පිරිසිදු කඩදාසියක් මතට දමන්න.
  7. ♨️ දැන් වෙනත් භාජනයක් ගෙන තෙල් මේස හැන්දක් පමණ දමා රත් කරන්න.
  8. ♨️ රත් වූ තෙලට අබ ඇට දමා පුපුරුවා ගන්න.
  9. ♨️ දැන් එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු , කරපිංචා සහ වියලි මිරිස් කරල් එකතු කර තෙම්පරාදු කර ගන්න.
  10. ♨️ පසුව එයට බීලූනු එකතු කරන්න . හොඳින් මිශ්‍ර කර මද ගින්නේ විනාඩි දෙක තුනක් තබා තක්කාලි එකතු කර ගන්න.
  11. ♨ ටික වේලාවකින් කෑලිමිරිස්, කහකුඩු , ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු එකතු කර ගන්න . මිශ්‍ර කරන්න.
  12. ♨️ දැන් සීනි  සහ විනාකිරි එකතු කරන්න.
  13. ♨️ අවසානයට බැදගත් මල් ගෝවා කැබලි සහ දෙහි යුශ ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.
😍 දැන් ඉතිං තියෙන්නේ රස බලන්න තමයි . ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😋 මට ෆොටෝ එකක් එවන්න අමතක කරන්න එපා 😍😍😍😍😍😍

හෙළයේ රස මිහිර
මල් ගෝවා බැදුම (Mal Gowa Baduma) - Your Choice Way


අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මල් ගෝවා බැදුම (Mal Gowa Baduma) මල් ගෝවා බැදුම (Mal Gowa Baduma) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2022 Rating: 5

0 comments:

Post a Comment