Koththilakku Pahana Song Lyrics - කොත්තිලාක්කු පහන ගීතයේ පද පෙළ

Koththilakku Pahana Song Lyrics - කොත්තිලාක්කු පහන ගීතයේ පද පෙළ
Song Title : Koththilakku Pahana (කොත්තිලාක්කු පහන)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමනාත් ජයතිලක
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක


කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට //

රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
ඉතින් ඉඩක් නැහැ අම්මගෙ දෙපසින් ඉන්නට
අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට

කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට

ඉස්සර විදියට මගෙ අයියට සළකන්නට
නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනණ්ඩිට
වෙනස් කමක් කරන්නෙපා කවදාවත් මට

කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Koththilakku Pahana Song Lyrics - කොත්තිලාක්කු පහන ගීතයේ පද පෙළ Koththilakku Pahana Song Lyrics - කොත්තිලාක්කු පහන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment