අමනුස්සයෙක් එක්ක තුන් මාසෙන් ගිය හයර් එක (Horror)

අමනුස්සයෙක් එක්ක තුන් මාසෙන් ගිය හයර් එක (Horror) - Your Choice Way

මම වීරකැටියේ මම පාක් එකේ හයර්කරනවා නිතරම හයර් කරන්නෙත් නෑ හුඟක් දුරට හවස හතරෙන් පස්සෙ තමයි ඉතින් එක දවසක් මම රෑ 9.30 විතර පස්මන්හන්දියට ගියා තෙල් ගහන්න තෙල් ගහගෙන එනකොට පොල ගාව පාරෙන් එහා පැත්තෙ සුදු ෂර්ට් එකකුයි කලු කලිසමකුයි ඇඳගත්තු මිනිහෙක් මට අත දාලා කතා කරා මාත් වීල් එක හරවන් ඒ මනුස්සයා ගාවට ගියා ගියහම හයර් එකක් යන්න ඕනා කිව්වා කලු පාට බෑග් එකකුත් දාගෙන අතේ බඩුමල්ලකුත් අරන් එයා හිටියේ එයා මගෙන් ඇහුවා නයිගල යූත් එක ලග වාහන යාඩ් එක ලගට හයර් එක කීයද කියලා

ඒ එකම පාරේ තියෙන තැන් දෙකක් මම නොදන්න මොකක් හරි යාඩ් එකක් තියේදපදන්නෙ නැති නිසා මම කිව්වා නගින්න වීල්එකට ගිහින් හයර් එක කියන්නම් කියලා මාත් එක්ක යනගමන් හොඳට කතා කලා ඒ කතාකරන ගමන් ඇහුවා වීල් එක ඇතුලේ ලයිට් එකක් නැත්තෙ ඇයි කියලා මම කිව්වා තිබුන කියලත් වැඩක් නෑනේ කියලා ඊට පස්සෙ ඒ මනුස්සයා කියනවා අද කාටල් ශුවර් නෑනේ කියලා මම ටිකක් ගැස්සුනාමම හිතුවෙ වීල් එක උස්සන්නවත් ඇවිත්ද දන්නෙ නෑ කියලා ඒ බයට හිතින් හිතාගත්තා මොනාහරි උනොත් වීල් එක පෙරලනවා නැත්තන් වතුර බොන වීදුරු බෝතලෙන් ගහනවා කියලා

මම ඒ මනුස්සය⁣ට කිව්වා එහෙම වැඩක් කරන මිනිහට ලයාට් එක තිබුනත්නැතත් එකයි කියලා කොහොම කොහොම හරි මිනිහ කියපු විදියට වාහන යාඩ් එකට ආවා මම හිතපු පාරමයි ඒ පාරෙ ලයිට් නෑ පට්ට කලුවරයි ඔහොම යනකොට ඒ මනුස්සයා කිව්වා ඔන්නඔය ගේට් එකට මෙහායින් නවත්තන්න කියලා මම නවත්තලා මිනිහ ඉන්න පැත්ත හැරෙන කොට සොහොන් ටිකක් මට එවේලේම කල්පනා උනා මීට මාස තුනකට විතර කලින් මේ ගෙදර මලගෙයක් උනා කියලා මම ඇහුව මිවිහගෙන් ඇයි මෙතන බහින්නේ ගේ අතනනේ එතනින් බහින්න කියලා

මිනිහකිව්වා දැන් වීල් එකේ ගෙදර ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මට එතකොට ටිකක් පැහැදිලි උනා මම මේ ඇවිත් ඉන්නේ මනුස්සයෙක් එක්ක නෙවෙයි කියලා ඊට පස්සෙ පොර මගෙන් හයර් එක ඇහුවා මම 300 කිව්වා ඒ මනුස්සයා 500 කොලයක් දුන්නේ වීල් එකේ ලයිට් එකක් නැති නිසා ගොඩක් බයෙන් එලියට බැස්සා බැහැලා වීල් එකේ ඉස්සරහා ලයිට් එකේ එලියෙන් බලලා ඉතිරි සල්ලි දුන්නා ඊට පස්සෙ ගෙදර ආවෙ ගියපුපාරෙන් නෙවෙයි මම බයවුනා නිසා ගොඩක් හයියෙන් කොහෙවත් නතර නොකර ගෙදර ඇවිත් ඊලග දවසෙ යාලුවො එක්ක විස්තර හොයද්දි දැන ගන්න ලැබුනා ඒ මනුස්සයා මැරිලා මාස තුනක් වෙනවා කියලා .....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අමනුස්සයෙක් එක්ක තුන් මාසෙන් ගිය හයර් එක (Horror) අමනුස්සයෙක් එක්ක තුන් මාසෙන් ගිය හයර් එක (Horror) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment