Adi Seeye Para Gawa Song Lyrics - අඩි සීයේ පාර ගීතයේ පද පෙළ

Adi Seeye Para Gawa Song Lyrics - අඩි සීයේ පාර ගීතයේ පද පෙළ
Song Title : Adi Seeye Para Gawa (අඩි සීයේ පාර)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : ප්‍රියන්ත නාවලගේ
පද රචනය : ශෙහාන් ගලහිටියාව


අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ
සුව හද පතුලට ගෙන්වාලා
මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
රුව මා නෙතඟට කැඳවාලා

බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී

සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adi Seeye Para Gawa Song Lyrics - අඩි සීයේ පාර ගීතයේ පද පෙළ Adi Seeye Para Gawa Song Lyrics - අඩි සීයේ පාර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2022 Rating: 5

0 comments:

Post a Comment