Yauwana Wasanthe Udawi Song Lyrics - යෞවන වසන්තේ උදාවී ගීතයේ පද පෙළ

Yauwana Wasanthe Udawi Song Lyrics - යෞවන වසන්තේ උදාවී ගීතයේ පද පෙළ
Song Title : Yauwana Wasanthe Udawi (යෞවන වසන්තේ උදාවී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් දසනායක
1975 දී තිරගත "ආවා සොයා ආදරේ" චිත්‍රපටියේ ගීයකි.


යෞවන වසන්තේ උදාවී
හද ලිය ගොමුවේ සිසිල දැනේවී //
බිහිවේ නව හැඟුමන් නව පැතුමන්
පෑදී මැවේ
ආ හහහා ඒ ආදරේ

යෞවන වසන්තේ උදාවී
මොහොතක් පාසා රස කැලතේවී //
සිහිවෙයි එකම රුවක් එකම මුවක්
ළං ළං වී
ඕ හො හො හෝ ඒ ආදරේ

සිහින් හඬින් සවන් යුග පිරේවී
සහන් පහන් සුවෙන් සිත බැඳේවී //
එවන් වෙලාවේ කෙනෙක්  මුලාවේ
එවන් වෙලාවේ හැම කෙනෙක්  මුලාවේ
ඔහු කවුදැයි අමතක වෙයි මන් මත්වෙලා

යෞවන වසන්තේ උදාවී
හද ලිය ගොමුවේ සිසිල දැනේවී //
බිහිවේ නව හැඟුමන් නව පැතුමන්
පෑදී මැවේ
ආ හහහා ඒ ආදරේ

යෞවන වසන්තේ උදාවී
මොහොතක් පාසා රස කැලතේවී //
සිහිවෙයි එකම රුවක් එකම මුවක්
ළං ළං වී
ඕ හො හො හෝ ඒ ආදරේ

රැල්ල වැල්ලෙ වෙලී හාදු දේවී
සල් ගසේ ද මල් වැලක් එතේවී //
එවන් ලතාවෙන් සුපෙම් කතාවෙන්
එවන් ලතාවෙන් පිය සුපෙම් කතාවෙන්
ඔබයි මමයි ඇදෙයි බැඳෙයි මල් හී වැදී

යෞවන වසන්තේ උදාවී
මොහොතක් පාසා රස කැලතේවී //
සිහිවෙයි එකම රුවක් එකම මුවක්
ළං ළං වී
ඕ හො හො හෝ ඒ ආදරේ

යෞවන වසන්තේ උදාවී
හද ලිය ගොමුවේ සිසිල දැනේවී //
බිහිවේ නව හැඟුමන් නව පැතුමන්
පෑදී මැවේ
ආ හහහා ඒ ආදරේ

ඕ හො හො හෝ ඒ ආදරේ
ආ හහහා ඒ ආදරේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yauwana Wasanthe Udawi Song Lyrics - යෞවන වසන්තේ උදාවී ගීතයේ පද පෙළ Yauwana Wasanthe Udawi Song Lyrics - යෞවන වසන්තේ උදාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2022 Rating: 5

0 comments:

Post a Comment