Sihin Sinidu Song Lyrics - සිහින් සිනිඳු ගීතයේ පද පෙළ

Sihin Sinidu Song Lyrics - සිහින් සිනිඳු ගීතයේ පද පෙළ
Song Title : Sihin Sinidu (සිහින් සිනිඳු)
ගායනය : ත්‍රී සිස්ටර්ස්
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


සිහින් සිනිඳු දුහුල් රිදී රේණු වල නැඟී
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටී
පලඟැටි ගී තනුව අනුව මලක් මත ‍නැඟී (හා හා හා හා ...)
සඳ කුමරියේ පිණි කැට නා නැවත යන සැටී

සඳ කුමරියේ කුමරු ඔබේ නොදැක ඇයි මෙසේ
කලකට ඔබෙ වත පෙන්වා නැවත හැකිල යේ
කුමරු සොයා යන්නට ඔබ ( ලා ලාල ලා... ) නෑ සැරසෙන්නේ
සඳුන් ගසයි සමන් ලතාවයි  ( ලා ලාල ලා... ) මුමුණන්නේ

සිහින් පියලි මතට නැගී නැ‍ටුම නට නටා
දුහුල් සිනිඳු පිනි කැට මත දෙපා හෙල හෙලා
කුමරු සොයා යනවිට වන ( ලා ලාල ලා... ) සිරිය බල බලා (හා හා හා හා ...)
හිරු කුමරුන් කඳු අතරින්  ( ලා ලාල ලා... ) එබෙයි හිනැහිලා

සිහින් සිනිඳු දුහුල් රිදී රේණු වල නැඟී
සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටී
පලඟැටි ගී තනුව අනුව මලක් මත ‍නැඟී (හා හා හා හා ...)
සඳ කුමරියේ පිණි කැට නා නැවත යනසැටී  ( ලා ලාල ලා... )

ම්ම් ම්හ් හ්ම් ම්..
ආ ආහා හා හාහා..
ම්ම් ම්හ් හ්ම් ම්..
හා හා හා හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihin Sinidu Song Lyrics - සිහින් සිනිඳු ගීතයේ පද පෙළ Sihin Sinidu Song Lyrics - සිහින් සිනිඳු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2022 Rating: 5

0 comments:

Post a Comment