Sandarenu Wahena Song Lyrics - සඳරේණු වෑහෙනා ගීතයේ පද පෙළ

Sandarenu Wahena Song Lyrics - සඳරේණු වෑහෙනා ගීතයේ පද පෙළ
Song Title : Sandarenu Wahena (සඳරේණු වෑහෙනා)
ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය : ජයන්ත දිසානායක
ගී පද : ලලිත් වසන්ත


සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandarenu Wahena Song Lyrics - සඳරේණු වෑහෙනා ගීතයේ පද පෙළ Sandarenu Wahena Song Lyrics - සඳරේණු වෑහෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment