Pissu Wikare Song Lyrics - පිස්සු විකාරේ ගීතයේ පද පෙළ

Pissu Wikare Song Lyrics - පිස්සු විකාරේ ගීතයේ පද පෙළ

Pissu Wikare Song Lyrics - පිස්සු විකාරේ ගීතයේ පද පෙළ

Pissu Wikare Song Lyrics - පිස්සු විකාරේ ගීතයේ පද පෙළ
Song Title : Pissu Wikare (පිස්සු විකාරේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය කවරෙකුගේ දැයි නොදනිමි. කෙසේ නමුත් මෙම ගීයට කලින්, මේ තනුවටම මොරිස් දහනායක, රෝහිණී සුදසිංහ සමගින් ගැයූ ගීයක් තිබේ. එය මෙහි පහත දක්වා ඇත.මේ ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ, “අන්බු එංගේ” (ANBU ENGE 1958) ද්‍රවිඪ චිත්‍රපටියට ටී.එම්. සවුන්දරරාජා ගැයූ dinggiri dinggaale meenaatchi නම් ගීයෙනි.එම චිත්‍රපටියට සංගීතය අධ්‍යක්ෂණය කළේ සිංහල චිත්‍රපටි කිහිපයකට ද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ එස්.එස්. වේදා ය.



ඊ.................................යහ්

පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ
හහ්
පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ

බැටලු පැටවු මොකද මන්ද සිංහ වේස ගන්නේ
කකුළුව දිය රත් වෙනකන් හැළියෙ උඩ පනින්නේ ...//
මුලදි පාර පෙන්නු අයගෙ බෙල්ල කපා දාලා
දැන් හඳට පැනල යන්නෙ බයෙද පොළවට පිටුපාලා

සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ
පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ

පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ

ගහෙන් ගහට යන කුකුළා තෙමිල නහිනවාලු
ඔව් අඩු කළගෙඩි සෙලවෙනකොට අඩුව දැනෙයි යාළූ ....//
ලබු ගෙඩියට තියපු අතයි පුහුලටත් තියන්නේ
අනෙ ලූලා නැති වලටයි කණයා පණ්ඩිත වෙන්නේ

සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ
පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ

පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ

කිරියි පැණියි වාගෙ ඉඳල කිව්වෙ බයිලා සින්දු
ගෙයින් ගෙයට ඇවිද ඇවිද කවුද උනෙ පොරොන්දූ
හහ් හහ් හහ් හා....ං
ගඟෙන් වතුර බීලා නේද මූදට ආවැඩුවේ
තව නටන්න බැරි නිසා වගෙයි පදේ මාරු කෙරුවේ
යන්නට බෑ මූණ දීලා දවසක් ගිය පැත්තේ
දන්නේ නැති දේට ගිහිං හොස්ස පුච්ච ගත්තේ

සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ
පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ

පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ
සින්දු කිව්වෙ අපි තමුසෙල කිරි බොන කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pissu Wikare Song Lyrics - පිස්සු විකාරේ ගීතයේ පද පෙළ Pissu Wikare Song Lyrics - පිස්සු විකාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 25, 2022 Rating: 5

0 comments:

Post a Comment