Palu Susane Song Lyrics - පාළු සුසානේ ගීතයේ පද පෙළ

Palu Susane Song Lyrics - පාළු සුසානේ ගීතයේ පද පෙළ
Song Title : Palu Susane (පාළු සුසානේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරක් ද අල්විස්
"ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටියේ ගීයකි.


පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ ඔබට මතක නෑ

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවී දෝ

හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවතයක් නවතීවී දෝ
මා විමසන්නෙමි
කියන්න කෝ මට
කෙලෙසද මේ ලෙස
කුරිරු වුණේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ ඔබට මතක නෑ

මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා

ඔබයි දිනුවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලා වී
කම්පා කරවා මහීතලේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ ඔබට මතක නෑ

දෛවය මේ නම් සුදු අපි නාඬමු
හමු වෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිනි ජාලයේ
ඔබ නොව ළඳුනි මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ

පාළු සුසානේ ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ //
මට අමතක නෑ ඔබට මතක නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Susane Song Lyrics - පාළු සුසානේ ගීතයේ පද පෙළ Palu Susane Song Lyrics - පාළු සුසානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment