Pandam Alla Song Lyrics - පන්දම් අල්ලා ගීතයේ පද පෙළ

Pandam Alla Song Lyrics - පන්දම් අල්ලා ගීතයේ පද පෙළ
Song Title : Pandam Alla (පන්දම් අල්ලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එම්.කේ. රොක්සාමි
1978 දී තිරගත "කවුද රජා" චිත්‍රපටියේ ගීයකි.1979 දී තිරගත "සච්චා ජූතා" (Sacha Jhoota) චිත්‍රපටියට, කිෂෝර් කුමාර් විසින් ගයන ලද "දිල් කෝ දේකෝ" ("Dil Ko Dekho") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පන්දම් අල්ලා ගත් නම්බු නාමේ //
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ
දුප්පත් අපි රජවරු මේ කාලේ //

පින්වන්ත ඔබගේ මේ සිංහල රාජ්ජේ
ඇයි තාමත් පරදේසින් වාගේ //

මේ දේසේ ඔබගේ
මේ දෙසේ අපගේ
ඇයි ඔබ යන්නේ වල්මත් වෙලා //
දුප්පත් අපි රජවරු මේ කාලේ //

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ //
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ //

බොරු ලොක්කෝ ලෝකේ
දැන් සොක්කෝ වාගේ
මේ කාලේ නෑ ගානක් ගන්නේ //

ගමේ කොල්ලො එන්නේ
පන්දම් ගලවන්නේ
ඊට පස්සෙ යන්නේ ලොක්කන් වෙලා //
දුප්පත් අපි රජවරු මේ කාලේ //

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ //

මේ නෝනා වාගේ නෝනාලා අපගේ
ඇයි තාමත් සිංහල වී නැත්තේ //

පාට ගාපු මූණේ සායම් හේදෙන්නේ
ඔය සංකර තාලේ හරි යන්නෙ නෑ...//
දුප්පත් අපි රජවරු මේ කාලේ //

පන්දම් අල්ලා ගත් නම්බු නාමේ //
මේ කාලේ අවලංගුයි නෝනේ
දුප්පත් අපි රජවරු මේ කාලේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pandam Alla Song Lyrics - පන්දම් අල්ලා ගීතයේ පද පෙළ Pandam Alla Song Lyrics - පන්දම් අල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 13, 2022 Rating: 5

0 comments:

Post a Comment