Me Dasa Mage Pinwanthayi Song Lyrics - මේ දෑස මගේ පින්වන්තයි ගීතයේ පද පෙළ

Me Dasa Mage Pinwanthayi Song Lyrics - මේ දෑස මගේ පින්වන්තයි ගීතයේ පද පෙළ
Song Title : Me Dasa Mage Pinwanthayi (මේ දෑස මගේ පින්වන්තයි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : පී.එල්.ඒ. සෝමපාල
1971 දී තිරගත හතර දෙනාම සූරයෝ" චිත්‍රපටියේ ගීයකි.1969 දී තිරගත "ප්‍යාර් හී ප්‍යාර්" (Pyar Hi Pyar) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි විසින් ගයන ලද "දේකා හෛ තේරී ආන්කෝන් හෝ" ("Dekha Hai Teri Aankhon Ho") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



මේ දෑස මගේ පින්වන්තයි
තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි
මේ දෑත මගේ පින්වන්තයි

ළඟ දුනුකේ මලකී
දුර මහනෙල් මලකී
උඩවැඩියා මලකී
මල් මැද මල් ළඳකී //

මේ දෑස මගේ පින්වන්තයි
තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි
මේ දෑත මගේ පින්වන්තයි

රණ මයුරා වරලයි
අඩ සඳවන් නළලයි
නීල උපුල් දෙනෙතයි
නාරිලතා ගමනයි //

මේ දෑස මගේ පින්වන්තයි
තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි
තේරුණේ දැන් තමයි
මේ දෑත මගේ පින්වන්තයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Dasa Mage Pinwanthayi Song Lyrics - මේ දෑස මගේ පින්වන්තයි ගීතයේ පද පෙළ Me Dasa Mage Pinwanthayi Song Lyrics - මේ දෑස මගේ පින්වන්තයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment