Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ

Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Api Denna (අපි දෙන්නා)
ගායනය : එච්.ආර්.‍ ජෝතිපාල


අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

වැලි අහුර කන්දක් කියාලා
දිය බිඳුන ගඟකැයි සිතාලා
මල් අත්තේ කටුවක් සොයාලා
ලතවෙන්න සිදුවෙයි කිපීලා

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

සඳ මඬලේ සා ලපය ඇතිදෝ
මද දිගට සම සමව ඇතිදෝ
මෙය ඔබට තෝරන්න බැරිදෝ
අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ Api Denna Song Lyrics - අපි දෙන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment