Lowa Dakinnata Song Lyrics - ලොව දකින්නට ගීතයේ පද පෙළ

Lowa Dakinnata Song Lyrics - ලොව දකින්නට ගීතයේ පද පෙළ
Song Title : Lowa Dakinnata (ලොව දකින්නට)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක


ලොව දකින්නට තිබුණි දෑසක්
ලොව දිනන්නට තිබුණි දෑතක්
අහිමි වෙයි ඒ දෙනෙත් අද සිට
අහිමි වෙයි ඒ දෑත් අද සිට //

ඉතිරි වී ඇත තවත් මොහොතක්
මිහිරි ස්වප්නය බිඳින මොහොතක්
මෙතැන් සිට මා ඔබට හිමි නැත
මෙතැන් සිට ඔබ මට ද හිමි නැත

ලොව දකින්නට තිබුණි දෑසක්
ලොව දිනන්නට තිබුණි දෑතක්
අහිමි වෙයි ඒ දෙනෙත් අද සිට
අහිමි වෙයි ඒ දෑත් අද සිට

නොදන්නෙමු අපි අපේ හිත ගැන
එහෙත් කඳුළින් ලියමි අද දින
ඔබට මා මෙන් මට ද ඔබ මෙන්
වෙනත් කිසිවකු හමු නොවන බව

ලොව දකින්නට තිබුණි දෑසක්
ලොව දිනන්නට තිබුණි දෑතක්
අහිමි වෙයි ඒ දෙනෙත් අද සිට
අහිමි වෙයි ඒ දෑත් අද සිට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lowa Dakinnata Song Lyrics - ලොව දකින්නට ගීතයේ පද පෙළ Lowa Dakinnata Song Lyrics - ලොව දකින්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 14, 2022 Rating: 5

0 comments:

Post a Comment