Landune Song Lyrics - ලඳුනේ ගීතයේ පද පෙළ

Landune Song Lyrics - ලඳුනේ ලඳුනේ ගීතයේ පද පෙළ
Song Title : Landune (ලඳුනේ) ගීතයේ පද පෙළ
ගායනය
 : බේවිස් මනතුංග
ගී පද : රංජිත් විජේසිංහ
සංගීතය හා ගායනය : බේවිස් මනතුංග
ශ්‍රව්‍ය පටිගත කිරීම : දමින්ද රාජපක්ෂ -DN audio recording studio Kandy
දෘෂ්‍ය පටිගතකිරීම : Induwara Media - Nalaka Geekiyanage
දෘශ්‍ය නිරූපණය : සමාධි ජයසිංහ
ශ්‍රව්‍ය දෘශ්‍ය නිශ්පාදනය : බේවිස් මනතුංග පදනම වෙනුවෙන් ජාලිය සෙනවිරත්න


දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ
ඒ රන් කාසියෙ අයිතිය නැති ලඳුනේ
දහඩිය මුතුබිදු කාසි කරන ලඳුනේ
තේ දල්ලේ රස ලොවට බෙදන ලඳුනේ

ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

ඉදිකටු තුඩුවෙන් කාසි මවන ළඳුනේ
ඒ රන්සේලයෙ අයිතිය නැති ළඳුනේ
වැලිකතරේ බිම කාසි මවන ළඳුනේ
හිස් මිනිසුන් හට සැපත සදන ළඳුනේ

ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

හිස්මිනිසුන්ගේ කුස් පුරවන්නේ
සුසිනිදු සළුවෙන් ගත සරසන්නේ
විල්ලුද යහනක ගත සතපන්නේ
කාපට් පාරක ඉගිලී යන්නේ

ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ... ලඳුනේ ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Landune Song Lyrics - ලඳුනේ ගීතයේ පද පෙළ Landune Song Lyrics - ලඳුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment