Ira Anduru Pata Song Lyrics - ඉරා අඳුරු පට ගීතයේ පද පෙළ

Ira Anduru Pata Song Lyrics - ඉරා අඳුරු පට ගීතයේ පද පෙළ
Song Title : Ira Anduru Pata (ඉරා අඳුරු පට)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
තනුව : ප්‍රේමසිරි කේමදාස
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
1974 වසරේ තිරගත වූ අහස් ගව්ව චිත්‍රපටයට නිර්මානය වූ ගීයකි.මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු රචනා කරන ලද ප්‍රථම ගීතයයි.


ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණිමත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ

ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ
මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස්
රැඳේද අප හැම
ඉමක් නොපෙනෙනා
අහස් ගඟේ

ඉර හඳ නැති වී සුළඟ සසුම් ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Anduru Pata Song Lyrics - ඉරා අඳුරු පට ගීතයේ පද පෙළ Ira Anduru Pata Song Lyrics - ඉරා අඳුරු පට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment