කොණ්ඩ කැවුම් හදමු (Konda Kavum Hadamu)

කොණ්ඩ කැවුම් හදමු (Konda Kavum Hadamu) - Your Choice Way

ඔන්න මං අද ඔයාලට කොණ්ඩ කැවුම් ටිකක් තමයි අරන් ආවේ 😍😍 මං වීඩියෝ එකක් දාලා තියනවා ඔයාලට ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වේවි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ● තෙත සහල් පිටි 500g ක් (හාල් 500g ක පිටි)
  • ● පාන් පිටි 75g ක්
  • ● සීනි 500g ක්
  • ● බැද කුඩු කරගත් එනසාල් , මාදුරු ටිකක් 
  • ● ලුණු ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ✴️ සහල් ටික පැය 6ක් පමණ පොඟවා කොටා, හලාගන්න.
  2. ✴️ පිටි ටික පාන් පිටි සමග නැවත වරක් හලා මිශ්‍ර කරගන්න.
  3. ✴️ බදුනක් ලිප තබා සීනි මේස හැඳි 3ක් සහ වතුර මේස හැන්දක් පමණ දමා සීනි කැරමල් කරන්න.
  4. ✴️ සීනි කැරමල් වූ පසු වතුර කෝප්ප 2ක් පමණ  එකතු කරන්න.
  5. ✴️ ඉතිරි සීනි ටික එයට එකතු කරන්න.
  6. ✴️ ගින්දර අඩු කර සීනි ටික දිය කරගන්න.  (මෙය ගොඩක් උකුවන තුරු උණු කරන්න එපා. සීනි දියවන තුරු රත් වුනාම ඇති.)
  7. ✴️ පැණි ටික මද රස්නය තිබියදී මිශ්‍ර කරගත් හාල්පිටි සහ පාන් පිටි එකතු කරගන්න.
  8. ✴️ අවශ්‍ය පමණ ලුනු ,  කුඩු කරගත් #එනසාල් සහ මාදුරු එක් කරන්න.
  9. ✴️ හොදින් අත් ගසා ගන්න. (අතින් මිශ්‍ර කරගන්න)
  10. ✴️ මෙම මිශ්‍රණය පැය 6ක් පමණ හොදින් වසා පිපෙන්න තබන්න.
  11. ✴️ මිශ්‍රණය ඝන වැඩි නම් නිවාගත් තේ කහට ටිකක් එකතු කර මිශ්‍ර කරගන්න.
  12. ✴️ දැන් කුඩා තාච්චියක් ලිප තබා තෙල් ටිකක් දමා රත් කරගන්න.
  13. ✴️ පිටි මිශ්‍රණයෙන් ටිකක් අඩු කෝප්පයකට හෝ හැන්දකට ගෙන රත් වූ තෙල් තාච්චියේ මැදට වත් කරන්න.
  14. ✴️ හැන්දෙන් තෙල් උඩට දමන්න.
  15. ✴️ ඉරටුවක් ගෙන කැවුමේ මැදට තබා සිදුරක් සාදමින් එහි ඇති පිටි මිශ්‍රණය එලියට එන ලෙස ඉරටුව කරකවමින් කැවුමේ කොණ්ඩය සකස් කරගන්න.
  16. ✴️ ඉරටුවෙන් කොණ්ඩය මුදුන් කරන අතරතුර හැන්දෙන් එයට තෙල් ඉසින්න.
  17. ✴️ කැවුම හොදින් බැදුනු පසු ඉවතට ගන්න.තෙල් බේරීමට පිරිසිදු කඩදාසියක් එලූ වට්ටියකට හෝ කිරි ගොටුවකට දමන්න.

හෙළයේ රස මිහිර
කොණ්ඩ කැවුම් හදමු (Konda Kavum Hadamu) - Your Choice Way

අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොණ්ඩ කැවුම් හදමු (Konda Kavum Hadamu) කොණ්ඩ කැවුම් හදමු (Konda Kavum Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2022 Rating: 5

0 comments:

Post a Comment