Babara Wage Song Lyrics - බඹරා වගේ ගීතයේ පද පෙළ

Babara Wage Song Lyrics - බඹරා වගේ ගීතයේ පද පෙළ
Song Title : Babara Wage (බඹරා වගේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය : සරත් දසනායක
1977 දී තිරගත වූ "චණ්ඩි පුතා" චිත්‍රපටියේ ගීයකි.


බඹරා වගේ ඇත තවම විසේ //
සල්ලි නැතේ මට විස්කි නැතේ //

බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ //

යහළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ //
ගල් මුල් ආවත් බය නෑ බය නෑ //
අපට හිතට දුක නෑ

බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ //

පැතුම් සැබෑ වෙන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ //
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ //
ගිමන් පවස නොදැනේ

බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Babara Wage Song Lyrics - බඹරා වගේ ගීතයේ පද පෙළ Babara Wage Song Lyrics - බඹරා වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment