Ara Sanda Paluven Song Lyrics - අර සඳ පළුවෙන් ගීතයේ පද පෙළ

Ara Sanda Paluven Song Lyrics - අර සඳ පළුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Ara Sanda Paluven (අර සඳ පළුවෙන්)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : නන්දා උඩවත්ත
තනුව : ජානක ෆොන්සේකා


අර සඳ පළුවෙන්
නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි //

තුරු හිස සිඹ සිඹ
වැද මද නළ
මුමුණන විට ගී සවනට //
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත

අර සඳ පළුවෙන්
නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම //
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ

අර සඳ පළුවෙන්
නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ara Sanda Paluven Song Lyrics - අර සඳ පළුවෙන් ගීතයේ පද පෙළ Ara Sanda Paluven Song Lyrics - අර සඳ පළුවෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2022 Rating: 5

0 comments:

Post a Comment