Sidadiye Ran Palasata Song Lyrics - සිදාදියේ රන් පලසට ගීතයේ පද පෙළ

Sidadiye Ran Palasata Song Lyrics - සිදාදියේ රන් පලසට ගීතයේ පද පෙළ
Song Title : Sidadiye Ran Palasata (සිදාදියේ රන් පලසට)
ගායනය : අතුල අධිකාරී
සහය : සමිතා මුදුන්කොටුව
පද : චන්න ජයනාත්
තනුව : ජයසිරි අමරසේකර


ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....
ආ ආ ආ ආ....
ආ ආ ආ.. ආ ආ....

සිදාදියේ රන් පලසට
බෝවිටියා මල් කැකුළිය හරිම ලස්සණයි
හිතේ සුවඳ ඉඟිමැරුවට
රත්තරන් කිරිල්ලියන්ට
නුඹට බය හිතෙයි

ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....
ආ ආ ආ ආ....
ආ ආ ආ.. ආ ආ....

අහිංසකම සඳමඬලක අහිංසක පැතුම්
කවදාවත් බොඳවෙන්නැහැ සිනහ පුරණකම්

මල් පිපුණු දා පටන් මල් පෙති රෝස පාට නම්
නුඹේ සුවඳ කවදාවත් වෙනස් නැහැ ඉතින්

සිදාදියේ රන් පලසට
බෝවිටියා මල් කැකුළිය හරිම ලස්සණයි
හිතේ සුවඳ ඉඟිමැරුවට
රත්තරන් කිරිල්ලියන්ට
නුඹට බය හිතෙයි

ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....
ආ ආ ආ ආ....
ආ ආ ආ.. ආ ආ....

සිත් රිදවන නුහුරු වදන් ගලාන ඒවී
ඉස්සර වගෙ අඬන්නෙපා චූටි කුමාරී

නෙක පාට සරුංගල් විසිතුරු මනාප නැති නම්
ගමේ සුවඳ කවි පෙළකින් සිත තවරාපන්

සිදාදියේ රන් පලසට
බෝවිටියා මල් කැකුළිය හරිම ලස්සණයි
හිතේ සුවඳ ඉඟිමැරුවට
රත්තරන් කිරිල්ලියන්ට
නුඹට බය හිතෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sidadiye Ran Palasata Song Lyrics - සිදාදියේ රන් පලසට ගීතයේ පද පෙළ Sidadiye Ran Palasata Song Lyrics - සිදාදියේ රන් පලසට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2022 Rating: 5

0 comments:

Post a Comment