Sakman Sanda Song Lyrics - සක්මන් සඳ ගීතයේ පද පෙළ

Sakman Sanda Song Lyrics - සක්මන් සඳ ගීතයේ පද පෙළ
Song Title : Sakman Sanda (සක්මන් සඳ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ශාන්ත ජයලත් තිසේරා
තනුව : ශාන්ත ජයලත් තිසේරා


සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි //

නින්දයාය පුරා දුවන කන්දෙ හෙවණැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි //
නාන තොටේ නුඹ හිනැහී දෑස මුණ ගැසෙයි
යන්න බයයි ඒ දණ්ඩෙන් හිතත් කලබලයි

සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි

බිංදු පොදට පිල්කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුළට එන්නම්  //
සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපහු යන්නම්

සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිබඳ හිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakman Sanda Song Lyrics - සක්මන් සඳ ගීතයේ පද පෙළ Sakman Sanda Song Lyrics - සක්මන් සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment