Nil Kandu pawrai (Gama Mahanuwarai) Song Lyrics - නිල් කඳු පවුරයි (ගම මහනුවරයි) ගීතයේ පද පෙළ

Nil Kandu pawrai (Gama Mahanuwarai) Song Lyrics - නිල් කඳු පවුරයි (ගම මහනුවරයි) ගීතයේ පද පෙළ
Song Title : Nil Kandu pawrai (Gama Mahanuwarai) (නිල් කඳු පවුරයි (ගම මහනුවරයි))
ගායනය, තනුව : චන්ද්‍රකුමාර කඳනආරච්චි
සංගීතය : උපාලි කන්නංගර
ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන


නිල් කඳු පවුරයි මහවැලි දිය අගලයි
විරුවන් දිනු මා ඉපැදුණු ගම මහනුවරයි //
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

දළදා හිමි සිව් දෙවි වැඩ වසනා
රසඳුන් මල් ගොමු බිඟුසර නඟනා
සිහිලස දෙන වැව් කොමලිය රඳනා
සරුබිම හැමදා සිරිකත රැඳුණා
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

පඬිවරු යතිවරු නිරතුරු ගැවසේ
සිප්සත දී නිති සරසවි නිවැසේ
සඳළුතලා මත කිඳුරියො හිනැහේ
එහි උපදින්නට පින් කළ යුතුවේ
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

නිල් කඳු පවුරයි මහවැලි දිය අගලයි
විරුවන් දිනු මා ඉපැදුණු ගම මහනුවරයි //
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Kandu pawrai (Gama Mahanuwarai) Song Lyrics - නිල් කඳු පවුරයි (ගම මහනුවරයි) ගීතයේ පද පෙළ Nil Kandu pawrai (Gama Mahanuwarai) Song Lyrics - නිල් කඳු පවුරයි (ගම මහනුවරයි) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment