Me Punyawantha Nagare Song Lyrics - මේ පුන්‍යවන්ත නගරේ ගීතයේ පද පෙළ

Me Punyawantha Nagare Song Lyrics - මේ පුන්‍යවන්ත නගරේ ගීතයේ පද පෙළ
Song Title : Me Punyawantha Nagare (මේ පුන්‍යවන්ත නගරේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මේ පුන්‍යවන්ත නගරේ
සිත ලෝල වඩන සුව කාසි වලට දෙන
අති රම්‍ය වර්ණ පුරයේ //
මේ පුන්‍යවන්ත නගරේ

සිත සෝක තැවුල් දී ගෝනි බරින්
තුටු පඬුරු ලෙසින් ගෙන සහන් හැඟුම්
රණ මොණරු විලස යන පිරිස බලන්
මුදු සුවඳ හමන දිගු වීදි තුළින්

වන විහඟ රාව කිම සොයනු සකී
නැව් පුරා ගෙනා ගී පොකුරු වසී

මේ පුන්‍යවන්ත නගරේ
සිත ලෝල වඩන සුව කාසි වලට දෙන
අති රම්‍ය වර්ණ පුරයේ
මේ පුන්‍යවන්ත නගරේ

පෙඳ පාසි නොවේ පස් පියුම් පිපේ
ගොළු මුහුද සිඹින මේ වැවෙහි දියේ
කඳු සේම උසින් යුතු ගිමන් හලේ
සිත දැහැන් වැඩේ බඹසරත් රැකේ

පොත පතට මොකට නිදි වරණු සකී
කප් තුරත් මෙහී අඩු මිලට ඇතී

මේ පුන්‍යවන්ත නගරේ
සිත ලෝල වඩන සුව කාසි වලට දෙන
අති රම්‍ය වර්ණ පුරයේ //
මේ පුන්‍යවන්ත නගරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Punyawantha Nagare Song Lyrics - මේ පුන්‍යවන්ත නගරේ ගීතයේ පද පෙළ Me Punyawantha Nagare Song Lyrics - මේ පුන්‍යවන්ත නගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment