Sanhida Pa Mula Song Lyrics - සංහිඳ පා මුල ගීතයේ පද පෙළ

Sanhida Pa Mula Song Lyrics - සංහිඳ පා මුල ගීතයේ පද පෙළ
Song Title : Sanhida Pa Mula (සංහිඳ පා මුල)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය ප්‍රණීත් අබයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සංහිඳ පා මුල
කිරි වේයන් වැඩලා
රේන්ද කටු වල මළ බැඳිලා
බීරළු කොට්ටේ මීයන් කපලා
අත බාලෙට හිටි නංගී
නුඹෙ අත නුහුරුද මන්දා

අම්මා නැතිදා බත බෙරිවුණ දා
වැලි කැට හැප්ණත් සමාව නුඹට ලැබී
අපට නොපෑ නුඹෙ අත හුරුබුහුටී
අදට වඩා හෙට
කාටද අගය වැඩී

සංහිඳ පා මුල
කිරි වේයන් වැඩලා
රේන්ද කටු වල මළ බැඳිලා
බීරළු කොට්ටේ මීයන් කපලා
අත බාලෙට හිටි නංගී
නුඹෙ අත නුහුරුද මන්දා

වැවට උඩින් ආ විදුලි රැහැන් මැද
වවුලන් එල්ලී මියැදෙන ගම් පියසේ
වැට කොටු බැඳි හිත මැද පඹයන් වී
මොනා කරන්නද
මහ ගෙදරට ගුලිවී

සංහිඳ පා මුල
කිරි වේයන් වැඩලා
රේන්ද කටු වල මළ බැඳිලා
බීරළු කොට්ටේ මීයන් කපලා
අත බාලෙට හිටි නංගී
නුඹෙ අත නුහුරුද මන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanhida Pa Mula Song Lyrics - සංහිඳ පා මුල ගීතයේ පද පෙළ Sanhida Pa Mula Song Lyrics - සංහිඳ පා මුල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment