Mage Puthe Umbata Song Lyrics - මගේ පුතේ උඹට ගීතයේ පද පෙළ

Mage Puthe Umbata Song Lyrics - මගේ පුතේ උඹට ගීතයේ පද පෙළ
Song Title : Mage Puthe Umbata (මගේ පුතේ උඹට)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව : කළණි පෙරේරා


මගේ පුතේ උඹට
මං කොහොමට දොසක් කියන්නද
උඹ උඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට
රතු තිලක තියූවට
මං අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පිච්ච මල් රටා හිස ලන
පිච්ච මල් හිනා පළඳින
ඇය ඇවිත් නුඹේ සෙවණැල්ලේ සෙවණ ලබන විට
ඒ උණුසුමෙ ජාති ජම්ම ලියා තියෙනවද

මගේ පුතේ උඹට
මං කොහොමට දොසක් කියන්නද
උඹ උඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට
රතු තිලක තියූවට
මං අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පුංචි කැදැල්ලේ සිරිකත
උන්නෙ නෑ ඇවිත් කුලගෙට
උඹගෙ කියූ කිරි කැටයෙක් හිනා ගෙනෙන විට
ඒ සිනහවෙ ජාති ජම්ම ලියා තියෙනවද

මගේ පුතේ උඹට
මං කොහොමට දොසක් කියන්නද
උඹ උඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට
රතු තිලක තියූවට
මං අමනාප වුනත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Puthe Umbata Song Lyrics - මගේ පුතේ උඹට ගීතයේ පද පෙළ Mage Puthe Umbata Song Lyrics - මගේ පුතේ උඹට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment