Malak Une Eiy Numba Mata Song Lyrics - මලක් උනේ ඇයි නුඹ මට ගීතයේ පද පෙළ

Malak Une Eiy Numba Mata Song Lyrics - මලක් උනේ ඇයි නුඹ මට ගීතයේ පද පෙළ
Song Title : Malak Une Ayi Numba Mata (මලක් උනේ ඇයි නුඹ මට)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සමන් අතාවුදහෙට්ටි
තනුව : කළණි පෙරේරා


මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ
ජිවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින් කියන්න

මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින් කියන්න

මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malak Une Eiy Numba Mata Song Lyrics - මලක් උනේ ඇයි නුඹ මට ගීතයේ පද පෙළ Malak Une Eiy Numba Mata Song Lyrics - මලක් උනේ ඇයි නුඹ මට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment