Hiru Wikasitha Wee Miyayana Polawe Song Lyrics - හිරු විකසිත වී මියයන පොළවේ ගීතයේ පද පෙළ

Hiru Wikasitha Wee Miyayana Polawe Song Lyrics - හිරු විකසිත වී මියයන පොළවේ ගීතයේ පද පෙළ
Song Title : Hiru Wikasitha Wee Miyayana Polawe (හිරු විකසිත වී මියයන පොළවේ)
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය : හේමචන්ද්‍ර
සංගීතය : නන්දන ලියනගේ


හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී
හිරු විකසිත වී

හදමඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Wikasitha Wee Miyayana Polawe Song Lyrics - හිරු විකසිත වී මියයන පොළවේ ගීතයේ පද පෙළ Hiru Wikasitha Wee Miyayana Polawe Song Lyrics - හිරු විකසිත වී මියයන පොළවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment