Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ

Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ
Song Title : Digasiye (දිගැසියේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ප්‍රභාත් වෙත්තසිංහ
තනුව : නවරත්න ගමගේ


දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්

ගිම් නිවා ගිම්හානයේ
මල් පොකුරු පුරෝගෙන
ලිය මඬුලු රටා වියනා
හසකැන් ලිහා වස්සානයේ
ඇවිදන් යන්න යමු ප්‍රේමියේ

දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්

තටු සලා නිල් ආකහේ
පවනැල්ලෙ එතීගෙන
සිත් කවුළු පියන් හරිනා
සුවඳින් ඔබේ කිඳුරාවියේ
හැඟුමන් දෙන්න කල්පාන්ථයේ

දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම්
අවසර ඇත්නම්
සඳ දියේ සඳ සිහිල සිඹින
තරු ඇසේ මුදු සිහින පතක
දැවටී ඉන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ Digasiye Song Lyrics - දිගැසියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment