Dakina Dasune Song Lyrics - දකින දසුනේ ගීතයේ පද පෙළ

Dakina Dasune Song Lyrics - දකින දසුනේ ගීතයේ පද පෙළ
Song Title : Dakina Dasune (දකින දසුනේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : ගලගෙදර ඇම්. ඇම්. ඒ. හක්
සංගීත අධ්‍යක්ෂණය : ටී. එෆ්. ලතීෆ්
1970 දී තිරගත වූ "ගීතා" චිත්‍රපටියේ ගීයකි.


දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

දෙපස ගංගා දෙකකි එක්වී
එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී
සයුර තුළ පාවේ
සයුර තුළ පාවේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dakina Dasune Song Lyrics - දකින දසුනේ ගීතයේ පද පෙළ Dakina Dasune Song Lyrics - දකින දසුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2022 Rating: 5

0 comments:

Post a Comment