Awe Ma Oba Soya Song Lyrics - ආවෙ මා ඔබ සොයා ගීතයේ පද පෙළ

Awe Ma Oba Soya Song Lyrics - ආවෙ මා ඔබ සොයා ගීතයේ පද පෙළ
Song Title : Awe Ma Oba Soya (ආවෙ මා ඔබ සොයා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී ප්‍රථම වරට තිරගත වූ නීලා චිත්‍රපටියේ ගීයකි.


ම්.. ම්.. ම්..
ම්ම් ම්.. ම්.. ම්..

ලාල ලල් ලල් ලා
ලලලල ලල් ලල් ලා

මේ මගේ ශ්‍රී ලංකා දීපේ සැරදේවා
ජීතේ සේ ආදරෙන් රැක ගන්නෙ මා
මේ මගේ ශ්‍රී ලංකා දීපේ සැරදේවා
මේ මගේ ශ්‍රී ලංකා දීපේ සැරදේවා

පාවේ ..
මදනල විලසට දුවමි ලෝකෙ පුරා
ගීතේ ගයා
මේ ලෝ පුරා
සුවඳින් ඔබේ
හදවත් වෙලා
ආවෙ මා ඔබ සොයා
ඔබ සොයා //

ආවේ ආවේ සීත රැන්දූ සුළං දැලේ එතිලා
කීවේ කීවේ ගීත සින්දූ
ඔබේ රසේ පතලා //

මදනලේ හැංගිලා
සීතලේ ඔබ සොයා
පාවෙලා ආවෙ මා
මිහිරි ගීතේ රාවේ පා

පාවේ ..
මදනල විලසට දුවමි ලෝකෙ පුරා
ගීතේ ගයා
මේ ලෝ පුරා
සුවඳින් ඔබේ
හදවත් වෙලා
ආවෙ මා ඔබ සොයා
ඔබ සොයා

පාවී පාවී ඈත ලන්දේ කුසුම් වනේ සිඹලා
ගීතේ කිව්වේ මිහිර දෙන්නයි
ඔබේ හදේ වෙලිලා //

ගී හඬයි මදනලයි
එක්වුණේ මේ ලෙසයි
පාවෙලා ආවෙ මා
මිහිරි ගීතේ රාවේ පා

පාවේ ..
මදනල විලසට දුවමි ලෝකෙ පුරා
ගීතේ ගයා
මේ ලෝ පුරා
සුවඳින් ඔබේ
හදවත් වෙලා
ආවෙ මා ඔබ සොයා
ඔබ සොයා

විහිදේ විහිදේ මල් සුගන්ධේ පවන් රොදේ රැඳිලා
මා දැන් ආවේ මේ වසන්තේ
ඔබේ සුවේ පතලා //

ගී රසේ නළවලා
ඔබ සොයා පැමිණියා
පාවෙලා ආවෙ මා
මිහිරි ගීතේ රාවේ පා

පාවේ ..
මදනල විලසට දුවමි ලෝකෙ පුරා
ගීතේ ගයා
මේ ලෝ පුරා
සුවඳින් ඔබේ
හදවත් වෙලා
ආවෙ මා ඔබ සොයා
ඔබ සොයා

ආවෙ මා ඔබ සොයා
ඔබ සොයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awe Ma Oba Soya Song Lyrics - ආවෙ මා ඔබ සොයා ගීතයේ පද පෙළ Awe Ma Oba Soya Song Lyrics - ආවෙ මා ඔබ සොයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2022 Rating: 5

0 comments:

Post a Comment