ඉන්ස්පෙක්ටර්, මම දැක්කා වෙච්ච සම්පූර්ණ සිද්ධිය.. "
අනතුර සිදුවූ ස්ථානයට පැමිනි වයස තිහක පමන පිරිමි පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර එහි සිදු වූ රිය අනතුර පිලිබදව සාක්ෂි දීමට ඉදිරිපත් විය.
" හ්ම්.. තමුන් මොනවද දැක්කේ.. "
" සර්.. මමත් ආවේ මගේ වාහනෙන්.. ඩ්‍රයිව් කරලා මහන්සි නිසා මම මෙතන පාර අයිනෙන් වාහනේ පොඩ්ඩක් නවත්තලා එලියට බැස්සා.. "
" ඉතින්.. "
නලල රැලි කරගත් පොලිස් පරීක්ෂකවරයා එම පුද්ගලයා ට තව තවත් ලන් වෙමින් විමතියෙන් ඇසුවේය.
" මේ පැත්තෙන් තමයි වාහනේ ආවේ.. ඇතුලේ හිටපු අයව නම් හරියටම දැක්කේ නෑ.. හැබැයි මහ ලොකු වේගෙකින් ආවෙත් නෑ සර්.. "
" වෙලාව තමයි අයිසෙ.. කරුමෙට මොනවා කරන්නද.."
පොලිස් පරීක්ෂකවරයා එසේ පැවසුවේ පාරේ අනෙක් පස සුදු රෙද්දකින් වසා තිබූ මල සිරුර දෙස බලමිනි.
" අනෙ මන්දා සර්.. මටනම් එහෙම හිතෙන්නේ නෑ.. ඒ දැරිවි හරිම සීදේවි පාටයි..
මටත් හිතාගන්න බැරි උනා එක පාරටම උන දේ.. දඩාස් ගාලා සද්දයක් ආවා.. මම ඒ පැත්ත බලද්දිත් වාහනේ පල්ලමට ගිහින් ඉවරයි.. "
තමා ඇසින් දුටු දේ පිලිබදව ඔහු විස්තර කලේ බොහෝ කනස්සල්ලෙනි.මියගිය තරුනිය පිලිබදව ඔහු පෞද්ගලික ව නොදැන සිටියද ඇය ව දුටු පමනින් ඇය යහපත් අයෙකු යයි ඇය දකින ඕනෑම අයෙකුට සිතිනි.
" අනේ බබා, ඔයා ඇයි අපිව දාලා ගියේ.. මාවත් අරන් යන්න මගෙ දෝනී.. "
ඇගේ මව මාර්ගයේ සිට ඇගේ නිසල දේහය දෙස බලමින් වැලෙපෙන්නට වූයේ එතැනට රැස්ව සිටි කාගේත් ඇසට කදුලක් එක් කරමිනි.
එතැනට පැමිනි පොලිස් පරීක්ෂකවරයා ඇයගෙන් ද සාක්ෂි විමසුවේය.
" අනේ මගේ දෝනි හරිම අහිංසකව හැදිච්ච හොද ලමයෙක්.. අපි මේ දළදා මාලිගාව වැදලා එන ගමන් සර්.. දෝනි අද හරිම සතුටින් හිටියේ අද එයාගේ උපන්දිනේටම මාලිගාව වදින්න පුළුවන් උන නිසා.."
යැයි ඇය පැවසුවේ හැඩූ කදුලෙනි.අනෙක් පස වාඩි වී සිටියේ මියගිය යුවතියගේ පියා හා සහෝදරයා ය.
මොවුන් සිව්දෙනා එදින මියගිය යුවතියගේ උපන් දිනය නිසා මාලිගාව වැදපුදා ගෙන ආපසු එමින් සිටියදී මෙම අනතුරට මුහුනදුන් අතර එම අනතුරින් තරුනිය පමනක් මියගොස් පවුලේ අනෙක් අය සුළු තුවාල ලබා ජීවතුන් අතර සිටියහ.
ඇගේ පවුලේ අය පැවසූ ආකාරයය ජීවත් ව සිටි කාලයේදී ඇය ඉතා යහපත් ආගම දහමට ලැදි චරිතයකින් යුතු වූ අයෙකි.ඉතා යහපත් වූ ඇය වැනි අයෙකු මෙලෙස අකාලයේ මියයාම පවුලේ හා නෑ හිත මිතුරන්ගේ දැඩි ශෝකයටත් කනස්සල්ලටත් හේතු විය.
.....එම සිද්ධියෙන් මාසයකට පසු.....
" අද නම් මල් ගොඩක් තියෙනවා මගේ මල් ගහේ.. "
" ඔයාගේ විතරක් නෙමෙයිනේ.. හූ.. හූ.. මගේ ගහෙත් මල් ගොඩායි.. "
" අද මම මේවා ගොඩක් කඩාගෙන අන්න අතන ඉන්න බුදුසාදු ලගින් පූජ කරනවා.. "
" ඔයා ඉතින් මෙහාට ඇවිත් මාසයක් වෙලත් හැමදාම උදේට ඕක කරනවමනේ.. හි.. හී.. කෝ අනේ ඒත් තාම කවුරුවත් ආවේ නෑනේ ඔයා බලන් ඉදපු වගේ කෙනෙක්.. "
" ඉක්මනට එයි.. මට ඒක දැනෙනවා..
ඒ වෙනකන් හැමදාම උදේට මම කිරිවෙහෙර ලගම ඉන්නවා මෙහෙම පා වෙවී..
අහ්.. කවුද ඒ මට මලකින් ගැහුවේ.. "
" හේ.. හේ.. මම අනේ.. ඔයාගේ යාළුවව අදුරගන්න බැරිද.. ම්ම්.. "
" කොච්චර සල්ලි තිබුනත් මොකටද දරු සම්පතක් නැතිකොට.. හ්ම්ම්.. "
අත තිබූ මල් මිට මනාව සකසමින් සැන්ඩ්‍රා මහත්මිය හීල්ලුවාය.
" දැන් ඉතින් දුක් වෙන්න එපා අම්මා.. එන්න අපි කිරිවෙහෙර වැදලා එමු.. "
පැවසූ ඔහු තම මව පියා හා බිරිද ද කැටිව කිරිවෙහෙර දෙසට පිය මනින්නට වූයේ සිතේ තිබූ කිරිකැටි සිහිනය මෙවර හෝ මල්ඵල ගැන්වේවා යැයි සිතමිනි.
ඔහු නමින් බ්‍රයන් දිසානායක වූ අතර සෑම් දිසානායක නම් කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම දරුවා ඔහුය.
කොතරම් මිල මුදල් තිබුනද මේ වන විටත් විවාහ වී වසර දෙකක් ගත වුවද දරුවකු නොලැබීම නිසා හෙතෙම මහත් දුකින් පසුවිය.
නමුත් සිය ආදරනීය බිරිද වූ ලියාරාට මේ පිලිබදව පවසා වචනයකින් හෝ සිත් රිදවීමක් ඔහු නොකලේය.
මෙදින ඔවුන්ගේ නිවසේ සියළුදෙනා ම ප්‍රථම වතාවට කිරිවෙහෙර වැදපුදා ගැනීමට පැමින ඇත්තේද එම කරුන මුල් කොට ගනිමිනි.
...අනේ තිස්තුන්කෝටියක් දෙවියනි, මගේ දිහා බලන්න.. දන්න කාලෙක ඉදන් මම කාටවත් ම වරදක් කරලා නෑ.. මට දරු පැටියෙක් ලබලා දෙන්න.. එච්චරයි මම ඔබ වහන්සේලාගෙන් ඉල්ලන්නේ.. "
අත තිබූ සුදු නෙළුම් මල් බුදු හිමියන් අභියස පුදා දෑත් එක්කොට සුදෝ සුදු කිරිවෙහෙර දෙස බලා පහන් සිතින් ඈ මේ ප්‍රාර්ථනා කරන්නේ තවමත් මල්ඵල නොගැන්වුනු තම දරු සිහිනය සැබෑ වේවායි කියාය.
" මාව ඇදිලා යනෝ.. ඒයි යාළුවනේ මේ.. මම හිතුව කෙනා ඇවිත් වගේ.. අන්තිමේදී මට ඕනි දේ හරි ගියා.. "
" හා.. අනේ ඔයා යනවද.. අපිට නම් දුකයි.. හ්ම්ම්.. "
..සියල්ලෝම එක්ව ක්‍රමයෙන් නොපෙනී යන ඔහු දෙස බලා සිටින්නට වූයේ ඉමහත් වූ දුකිනි.
මෙතෙක් මාසයක කාලයක් පුරාවට තමන් හා එක්ව කිරිවෙහෙර අවට මල් ගස්වල හිදිමින්, මල් නෙලමින් හා කිරිවෙහෙර වැදපුදා ගනිමිනි සතුටින් කාලය ගත කල ඔහුට සමුදීමට කිසිවෙක් කැමති නොවීය.
නමුත් යම් දිනෙක ඔවුන් සියලුදෙනාටම මෙසේ යන්නට සිදුවන බැවින් ඔහු යන දෙස ඔවුන් බලා සිටියහ.
" යන තැනක හොදින් ඉන්න.. අපි එන්නම් ඔයාව බලන්න.. "
" හරී.. ඔයාලත් සතුටින් හොදින් ඉන්න.. මම එහාට ගියාමත් හැමදාම මල් කඩලා පූජ කරන්න ඔයාලා මගේ ගහෙනුත්.. "
එසේ පැවසූ ඔහු නොපෙනී ගියේය.
........වසරකට පසුව..........
" බ්‍රයන්, අනේ.. මේ බලන්නකෝ.. මෙයා ඔයා වගේමයි.."
දෑතෙහි දූ බිලිදා පෙන්වමින් ලියාරා ආදරනීය ලෙස පැවසුවාය.
විවාහයෙන් වසර දෙකක් පමන ගතවන තුරු දරුවන් නොසිටි ඔවුනට දැන් මේ ලැබී ඇත්තේ මහා වස්තුවකි.
" අහ්.. කොහොමද යාළුවා.. අලුත් තැන හොදයිද.. "
ලියාරා අත සිටි කුඩා බිලිදා ඒ ඇසුනු හඩින් ඉහල බැලූ අතර ඔහු සමග මීට පෙර සිටි ඔහුගේ යහළු ආත්මයන් හදුනාගැනීමට ඔහුට හැකි විය.
" අනේ.. මේ බලන්න බ්‍රයන්, මෙයා හිනාවෙනවා, උඩ බලාගෙන.. "
" හ්ම්ම්.. දෙවිවරු ඇවිත්ද මගෙ චූටි පුතාව බලන්න.. ම්ම්.. "
බ්‍රයන් තම කුඩා පුත්‍රයාගේ කම්මුල සිඹින අතර ඇසීය.
" ඒයි ඔයාට ඔයාගෙ තාත්ත යි අම්මයි හරිම ආදරෙයි නේද.. අනේ අපිටත් ඔහොම අම්මලා ලැබෙනවනම් හොදයි ඉක්මනට ම.. දැන් ඔයාට පාළු නෑනේ නේද.. "
බිලිදා නැවත කාමරයේ වහලය දෙස බලමින් සිනසෙන්නට විය.ලියාරා හා බ්‍රයන් ඒ දෙස බලා බොහෝ සතුටු විය.
" ඔයාට පාළු නෑනේ.. එහෙනම් අපි ආයෙම ගිහින් එන්නම් හොදේ.. "
පැවසූ ඔවුන් ඔහුගෙන් සමුගෙන කිරිවෙහෙර බලා පිටත් වූයේ හැකි ඉක්මනින් තමාටත් ඔහුට මෙන් ම හොද මව්පියන් ලැබේවා යැයි සිතින් ප්‍රාර්ථනා කරමිනි.
0 comments:
Post a Comment