ආස්මී හදමු (Asmi Hadamu)

ආස්මී හදමු (Asmi Hadamu) - Your Choice Way

ගොඩාක් අය හදන්න අමාරුයි කියලා හිතන ඒත් පහසුවෙන් හදා ගන්න පුළුවන් රසවත් මෙන්ම අවුරුදු මේසය ලස්සන කර ගන්න කදිම රස කැවිල්ලක්  ආස්මී . ඔයාලට හදාගන්න කල් මදිවන නිසා මං දෙවෙනි වර බදින්න කලින්ම හදපු ආස්මී ටිකක් අරන් ආවා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 සුදු කකුළු හාල්පිටි 500g ක් (සිහින්ව හලා ගන්න .ඕගන්දි රෙදි කෑල්ලකින් හලනවා නම් හොඳයි . ඉතා සිහින්ව පවුඩර් එකක් වගේ තියෙන්න ඕන)
  • 🌷 මිටිකිරි සහ දිය කිරි
  • 🌷 නානු සඳහා  දවුල් කුරුඳු දෙමිටක් හෝ බණ්ඩක්කා 250g
  • 🌷 ලුනු ස්වල්පයක් 

සීනි සිරප් එක සඳහා
  • 🌷 සීනි කෝප්ප 1 ක්
  • 🌷 වතුර කෝප්ප 1/2 ක්
  • 🌷 වැනිලා තේ හැඳි 1 ක්
  • 🌷 කැමති ආහාර වර්ණක ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ දවුල් කුරුඳු වලට දියකිරි කෝප්ප 11/2 ක් පමණ දමා කොල ටික හොඳින් පොඩි කර පැය 1/2 ක් පමණ තබා ඕගන්දි රෙදි කැබැල්ලකින් පෙරා ගන්න. 🌷 දවුල් කුරුඳු නැති අයට බණ්ඩක්කා වලින් නානු හදා ගන්න  පුළුවන් , බණ්ඩක්කා කුඩා කෑලි වලට කපා හෝ ග්‍රේටරයකින් සිහින්ව ගාගෙන දියකිරි කෝප්ප 1 1/2 ක් පමණ දමා හොඳින් පොඩිකර පැය 1/2 ක් පමණ තබා තුනී රෙදි කැබැල්ලකින් පෙරා ගන්න .
  2. ♨️ සහල් එවෙලේම සෝදා දිය බේරා කොටා ගන්න. මම නම් කඩේ සුදු කැකුළු හාල් පිටි වලින් තමයි හැදුවෙ.
  3. ♨️ මිටිකිරි ටිකද රෙදි කැබැල්ලකින් පෙරා ගන්න.
  4. ♨️ හලාගත් පිටි මිටි කිරෙන් රොටි පදමට අනා ගන්න.
  5. ♨️ පසුව ටිකෙන් ටික නානු එකතු කරමින් මිශ්‍රණය සකසා ගන්න.
  6. ♨️ පසුව ආස්මී හැන්දට පිටි වත්කොට ඒ තුලින් මිශ්‍රණය වෑස්සෙන පිලිවෙල බලා පදමට පිටි සකසා ගන්න. නැත්නම් පිටි මිශ්‍රණයේ අත ඔබා උඩට ඔසවා ඇඟිලි වලින් මිශ්‍රණය නොකැඩී නූලක් සේ පහතට වැටෙන පදමට අනා ගන්න.
  7. ♨️ ආස්මී හැන්දක් නැති අයට පුලුවන් කිරි ටින් එකක් ඇනයකින් සමාන සිදුරු විද ගෙන සකස් කර ගන්න .නැත්නම් මිශ්‍රණයෙහි අත ඔබා ඇඟිලි වලින්  වට 6,7 ක් වත් කර ගන්න.
  8. ♨️ ඉන්පසු තාච්චියකට තෙල් වත්කර ලිප තබා තෙල් රත්වූ පසු ආස්මී හැන්දට පිටි මිශ්‍රණය ගෙන වටේටත් ඒ මේ අතටත් වට කිහිපයක් වත් කරන්න. ඔයාලා මේකට නන්ස්ටික් පෑන් පාවිච්චි කරන්න එපා ආස්මී එක ලස්සනට හදා ගන්න බැහැ ඒකෙන්.
  9. ♨️ ආස්මී එක ටිකක් බැදුනු පසු කූරක් හා තෙල් හැන්දක් ආදාරයෙන් ආස්මී තට්ටුව අඩ කවයක් සේ පෙනෙන විදියට දෙකට නවා ගෙන වටේ තෙල් හැන්දෙන් ටිකක් තද කරන්න.
  10. ♨️ මෙසේ පිස ගන්නා ආස්මී තෙල් බේරීමට කඩදාසියක් එලූ වට්ටියක් මතට දමන්න.
  11. ♨️ නිවුනු පසු සුලං නොවදින ලෙස අසුරා දින 2,3 ක් තෙල් ඉවත් වීමට තබන්න. සතියක් උනත් තිව්වට කමක් නැහැ ,ඒත් දැන් අවුරුද්දට කාලය මදි නිසා දින 2 ක් තියන්න.
  12. ♨️ දින 2 කට පසුව නැවතත් රත් වූ තෙලෙහි බැද ගන්න . වැඩි වෙලා බදින්න අවශ්‍ය නැහැ ඉක්මනින් ආස්මී එක පිපිලා සුදු පාටට ඒවි.
  13. ♨️ පසුව භාජනයකට වතුර සහ සීනි දමා උණු කරන්න.
  14. ♨️ එයට වර්ණක හා වැනිලා දමා පැණි පදමට උණු කර ගන්න.
  15. ♨️ පසුව ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තබන්න.
  16. ♨️ නිවුණු පසු ආස්මී උඩින් කැමති මෝස්තරයකට වත් කර ගන්න.

ඔයාලට ඉක්මනින් රෙසිපි එක දෙන්න ඕන නිසා පැණි දවටන්න කලින් මං කලබලේ ඔයාලට අරන් ආවේ , එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ 😍

හෙළයේ රස මිහිර
ආස්මී හදමු (Asmi Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ආස්මී හදමු (Asmi Hadamu) ආස්මී හදමු (Asmi Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment