Ase Madhura Song Lyrics - ඇසේ මධුර ගීතයේ පද පෙළ

Ase Madhura Song Lyrics - ඇසේ මධුර ගීතයේ පද පෙළ
Song Title : Ase Madhura (ඇසේ මධුර)
ගායනය : ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
පද රචනය : ආනන්ද සමරකෝන්
තනුව : ආනන්ද සමරකෝන්


ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්‍ය සොබා ධර්මේ //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //

රිදී කඳන් සේ ජල ධාරාවෝ
පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ //
භෘංගයෝ නද දිදී හැසිරෙතී //
සෝබන මල් ගොමුවේ //

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //

හිඳ මේ ගංතීරේ මඳ වේලා //
පීනමු ඒ අම ගී දහරාවේ //
ඔබයි සාගරේ මමයි තරංගා //
ඒ මත සැනසෙන්නා //

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්‍ය සොබා ධර්මේ //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ase Madhura Song Lyrics - ඇසේ මධුර ගීතයේ පද පෙළ Ase Madhura Song Lyrics - ඇසේ මධුර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2022 Rating: 5

0 comments:

Post a Comment