Adara Kathawa Loke Song Lyrics - ආදර කතාව ලෝකේ ගීතයේ පද පෙළ

Adara Kathawa Loke Song Lyrics - ආදර කතාව ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Adara Kathawa Loke (ආදර කතාව ලෝකේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : ධර්මසිරි ගමගේ
ගී තනුව : ගලගෙදර ඇම්. ඇම්. ඒ. හක්
සංගීත අධ්‍යක්ෂණය : ටී. එෆ්. ලතීප්
1973 දී තිරගත වූ "සුනේත්‍රා" චිත්‍රපටියේ ගීයකි.


ආදර කතාව ලෝකේ කඳුළින් ලියා තිබේ
ආදර සටන් මෙ ලෝකේ කඳුළින් දිනා තිබේ

අප පෙම්වතුන් වගේ නම් ලොව පෙම් කතා පොතේ
පෙර පෙම් සටන් දිණූවේ දෙදෙනාගෙ ආදරේ

ජීවන උයනේ පෙම් මල ඔබ වේ
ඒ මල් පිපු‍ණේ කටු ඇති නටුවේ

ආදර අතිනී මම මල නෙළුවේ
කටුවෙන් නටුවේ මට නෑ රිදුණේ

ආදර කතාව ලෝකේ කඳුළින් ලියා තිබේ
ආදර සටන් මෙ ලෝකේ කඳුළින් දිනා තිබේ

අප පෙම්වතුන් වගේ නම් ලොව පෙම් කතා පොතේ
පෙර පෙම් සටන් දිණූවේ දෙදෙනාගෙ ආදරේ

නිල්මිණි නයනේ නිශ්චලතාවේ
ව්ශ්මිත හැඟුමයි ආදර ලෝකේ

මා දිවි මැදුරේ ඝණඳුර නැසුණේ
කාන්තිය ලැබුණේ ඔබෙ පෙම් පහනේ

අප පෙම්වතුන් වගේ නම් ලොව පෙම් කතා පොතේ
පෙර පෙම් සටන් දිණූවේ දෙදෙනාගෙ ආදරේ

ආදර කතාව ලෝකේ කඳුළින් ලියා තිබේ
ආදර සටන් මෙ ලෝකේ කඳුළින් දිනා තිබේ

අත්වැල් බැඳුණේ නෑ එය කැඩුණේ
එක්වන් හදිනී කරදර දිණුවේ

ඔබ දුටුදාමයි මා සිත බැඳුණේ
රන්වන් පාටයි මුහුණේ පෙනුණේ

අප පෙම්වතුන් වගේ නම් ලොව පෙම් කතා පොතේ
පෙර පෙම් සටන් දිණූවේ දෙදෙනාගෙ ආදරේ

ආදර කතාව ලෝකේ කඳුළින් ලියා තිබේ
ආදර සටන් මෙ ලෝකේ කඳුළින් දිනා තිබේ

ආදර කතාව ලෝකේ කඳුළින් ලියා තිබේ
ආදර සටන් මෙ ලෝකේ කඳුළින් දිනා තිබේ

අප පෙම්වතුන් වගේ නම් ලොව පෙම් කතා පොතේ
පෙර පෙම් සටන් දිණූවේ දෙදෙනාගෙ ආදරේ
දෙදෙනාගෙ ආදරේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Kathawa Loke Song Lyrics - ආදර කතාව ලෝකේ ගීතයේ පද පෙළ Adara Kathawa Loke Song Lyrics - ආදර කතාව ලෝකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2022 Rating: 5

0 comments:

Post a Comment