වෙසක් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Wesak Pohoya Day)

වෙසක් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Wesak Pohoya Day) - Your Choice Way

🌼පිංබර බැතිබර වෙසක් පුරපසළොස්වක පොහොය දිනයක් වේවා 👏👏👏

🌹වෙසක් පුරපසළොස්වක පොහොය දින වැදගත්කම 🌹

බෞද්ධයන්ගේ සිත් සතන් ප්‍රබෝධයෙන් මත්කරවන විශේෂ දිනයක් වන්නේ ඒ උතුම් බෞද්ධයන්ගේ තෙමගුල සිදුවු වෙසක් පොහෝ දිනයයි. මේ පොහෝ දිනය අපට ලාංකිකයන් වශයෙන් ආගමික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද අතිශයෙන් වැදගත් දිනයකි. එහි පෙලගැස්ම මෙසේය.

🌷(01) සිද්ධාර්ථ බෝධිසත්වයන් ඉපදීම, සිද්ධාර්ථ බෝධිසත්වයන් බුදුවීම, සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්, ඓතිහාසිකත්වයටත් පත් වූ , බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය වෙසක් පොහෝය දිනය වීම.

🌷(02) දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.

🌷(03) කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීම.

🌷(04) බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.

🌷(05) බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.

🌷(06) විජය කුමරු ලංකාවට පැමිනීමෙන් සිංහල ජාතියේ ආරම්භය සිදුවීම.

🌷(07) පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පැවරීම.

🌷(08) දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.

🌷(09) අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.

🌷(10) ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම.

🌷(11) මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.

🌷(12) ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.

මෙවන් වු උතුම් වෙසක් පොහෝ දින ඔබටත් ඔබගේ ජීවිතය යහ ගුනයෙන් දියුනුකරගෙන සීලාදි ගුණදර්ම දියුනු කරගෙන බොහෝ පින් හා කුසල් දහම් රැස්කරගෙන උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධ කරගන්නට වාසනාව උදාවේවා ...!👏👏👏

🌺තෙරුවන් සරණයි🌺
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වෙසක් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Wesak Pohoya Day) වෙසක් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Wesak Pohoya Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 15, 2022 Rating: 5

0 comments:

Post a Comment