Tharuka Hadayi Song Lyrics - තාරුකා හඬයි ගීතයේ පද පෙළ

Tharuka Hadayi Song Lyrics - තාරුකා හඬයි ගීතයේ පද පෙළ
Song Title : Tharuka Hadayi (තාරුකා හඬයි)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සමන් ගුණ හේරත්
තනුව : තිස්සසිරි පෙරේරා


තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි //

අහස ඉකිගසයි
සුසුමින් සයුරු රළ බි‍ඳෙයි
ආදරෙයි කියූ දෙතොළම
ගොළු වෙලා සැළෙයි
ගොළු වෙලා සැළෙයි

තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි

සඳත් මෝදු වෙයි
දෙනෙතේ කඳුළු පිනි රැඳෙයි
හෙටත් හිරු නැඟෙයි
ලෝකය සිහිනයක් නොවෙයි
සිහිනයක් නොවෙයි

තාරුකා හඬයි
කඳුළින් මගෙ දෙනෙත් තෙමෙයි
ආදරෙන් බැඳුණු හිත ළඟ
සඳ සුසුම් හෙළයි
සඳ සුසුම් හෙළයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharuka Hadayi Song Lyrics - තාරුකා හඬයි ගීතයේ පද පෙළ Tharuka Hadayi Song Lyrics - තාරුකා හඬයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2022 Rating: 5

0 comments:

Post a Comment