Sandakan Awidin Song Lyrics - සඳකැන් ඇවිදින් ගීතයේ පද පෙළ

Sandakan Awidin Song Lyrics - සඳකැන් ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Sandakan Awidin (සඳකැන් ඇවිදින්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


සඳකැන් ඇවිදින්
සුපිපුන කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ

නලියන මදනල පොපියන මල් වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැල නිල් නුබ ගැබ තුළ
සඳ තුරුළෙහිම රැඳේ

සඳකැන් ඇවිදින්
සුපිපුන කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ

නැළවෙන තුරු හිස පිනිපොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුළැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ

සඳකැන් ඇවිදින්
සුපිපුන කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ

නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandakan Awidin Song Lyrics - සඳකැන් ඇවිදින් ගීතයේ පද පෙළ Sandakan Awidin Song Lyrics - සඳකැන් ඇවිදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 27, 2022 Rating: 5

0 comments:

Post a Comment