Premayata Nim Him Nathi Song Lyrics - ප්‍රේමයට නිම් හිම් නැති ගීතයේ පද පෙළ

Premayata Nim Him Nathi Song Lyrics - ප්‍රේමයට නිම් හිම් නැති ගීතයේ පද පෙළ
Song Title : Premayata Nim Him Nathi (ප්‍රේමයට නිම් හිම් නැති)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : නිමල් ජයකොඩි


හ හා... (හ හා..)

ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත වුණායැයි ඔබම කී
කවියාණනේ
මා ඔබෙයි
ඔබගෙයි සදාදර පෙම්වතී

විසල් අහසට දුක දැනී
හිතුනු විට වැලපෙණු හැකී
සැඩ කුණාටුව වියරුවී
උණුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් පරදතැයි ඔබම කී

ප්‍රේමයට නිම් හිම් නැති

රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුණී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා ණය නැතී
මේ අළුත් කඳුළුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී

ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත වුණායැයි ඔබම කී
කවියාණනේ
මා ඔබෙයි
ඔබගෙයි සදාදර පෙම්වතී
ප්‍රේමයට නිම් හිම් නැති

හ හා... (හ හා..) //
හ්ම් ම්.. (හ්ම් ම්..) //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premayata Nim Him Nathi Song Lyrics - ප්‍රේමයට නිම් හිම් නැති ගීතයේ පද පෙළ Premayata Nim Him Nathi Song Lyrics - ප්‍රේමයට නිම් හිම් නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2022 Rating: 5

0 comments:

Post a Comment