Pemwathunta Sarane Song Lyrics - පෙම්වතුන්ට සරණේ ගීතයේ පද පෙළ

Pemwathunta Sarane Song Lyrics - පෙම්වතුන්ට සරණේ ගීතයේ පද පෙළ
Song Title : Pemwathunta Sarane (පෙම්වතුන්ට සරණේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ගුණරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි සමග ආර්. මුත්තුසාමි


පෙම්වතුන්ට සරණේ
අනංගයා මම නේ  
පෙම් සටනින් පැරදී
දොස් නැගීම වැරදී //
පෙම්වතුන්ට සරණේ

පෙමින් වෙළී කාලිදාස මහා කවක් බිහි කළේ  
කලාකාමී කවි හිත්වල පෙම් රසයක් මතු කළේ //
සංගීතය පෙම් ගීතෙන් පණ ගන්නවා ඔප කළේ  
අනංගයා මමයි ලොවේ මහා හපන්කම් කළේ
පෙම්වතුන්ට සරණේ

මහානාග ළඟ ශීලා ජයපාලට මාලනී  
ආදරයෙන් එකතු වුණා අතුල සමග රෝහිණී //
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැණී
මගේ හී සර පහර ලබා පෙම් ගීයෙන් මත් වුණි

ස්ථිර ආලය නොතකා දෙතුන් දෙනෙක් ගැන අසා  
වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා //
කව්රුන් කොයි ලෙස කීවත් රජා මගුල් සක්වලේ  
තරුණ ලොවේ රජදහනේ මම පෙන්වමි මගෙ බලේ

පෙම්වතුන්ට සරණේ
අනංගයා මම නේ  
පෙම් සටනින් පැරදී
දොස් නැගීම වැරදී //
පෙම්වතුන්ට සරණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemwathunta Sarane Song Lyrics - පෙම්වතුන්ට සරණේ ගීතයේ පද පෙළ Pemwathunta Sarane Song Lyrics - පෙම්වතුන්ට සරණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2022 Rating: 5

0 comments:

Post a Comment