පෘථිවියෙන් එපිට මිය ගිය ඉතිහාසයේ එකම පුද්ගලයින් තිදෙනා (The Only Three People In History Who Died Off Earth)

පෘථිවියෙන් එපිට මිය ගිය ඉතිහාසයේ එකම පුද්ගලයින් තිදෙනා (The Only Three People In History Who Died Off Earth) - Your Choice Way

අභ්‍යවකාශගාමියකු වීමට සිහින මවන බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ තමුන් නොදන්නා ඉසව්වක් කරා යාමේ තම සිහිනය සැබෑ කර ගැනීමයි.  නමුත් පසුගිය වසර 60ක පමණ කාලය තුළ අභ්‍යවකාශ යානා ආශ්‍රිත ඛේදවාචකයන් බොහෝමයක් සිදු වූ අතර එමගින් අභ්‍යවකාශගාමීන් කිහිප දෙනෙකුට සිය ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදු විය.

පසුගිය අඩ සියවසක කාලය තුළදී අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා පුහුණුවීමේදී හෝ අභ්‍යවකාශ මෙහෙයුමක් අතරතුරදී අභ්‍යවකාශගාමීන් 30 දෙනෙකු පමණ මියගොස් තිබේ. නමුත් මෙම මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදු වූයේ පොළොවේ හෝ පෘථිවි වායුගෝලය තුලදීය. එනම් සැතපුම් 62 ක් (කි.මී. 100) පමණ උන්නතාංශයකින් ආරම්භ වන 'කර්මන් රේඛාව' නම් වූ අවකාශයේ පිළිගත් සීමාවට පහළිනි. කෙසේ වෙතත් මේ දක්වා අභ්‍යවකාශයට ගිය, දළ වශයෙන් 550 දෙනෙකුගෙන් එහිදී මියගොස් ඇත්තේ තිදෙනෙකු පමණි.

1971 ජූනි 29 දින සෝයුස් 11 (Soyuz 11) කැප්සියුලය අභ්‍යවකාශයේ සති තුනක මෙහෙයුමකින් පසු නැවත පෘථිවියට පතිත වන ආකාරය සෝවියට් නිරීක්‍ෂකයින් විසින් නිරීක්ෂණය කරමින් සිටියහ. සියල්ල සාමාන්‍ය පරිදි සිදු වූ අතර සැලසුම් කළ පරිදි  යානය කසකස්තානයේ කරාෂාල් නගරයට කි.මී.90 ක් එපිටින් ආරක්ෂිතව ගොඩ බසින ලදී. එයත් සමගම කණ්ඩායමක් එහි සිටි කාර්ය මණ්ඩලය පිළි ගැනීමට සහ කැප්සියුලය ලබා ගැනීමට වහා එම ගොඩබසින ලද ස්ථානයට පැමිණෙන ලදී.

එතැනට පැමිණි කණ්ඩායමට දක්නට ලැබුණේ යානය කිසිදු ගැටළුවකින් තොරව පොළවට පතිත වී ඇති ආකාරයයි. ඉන් අනතුරුව සම්ප්‍රදායක් ලෙස ඔවුන් කැප්සියුලයට තට්ටු කළ අතර එය සිදු කළේ ඇතුලේ සිටි ගගනගාමීන්ට සුභ පැතීම සදහාය. නමුත් එම සාම්ප්‍රදායික තට්ටු කිරීමට ඇතුළතින් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

වහා කැප්සියුලය විවෘත කළ ඔවුනට දක්නට ලැබුණේ බලාපොරොත්තු රහිත දර්ශනයකි. එතුල සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනාම මිය ගොස් සිටියහ. යානයේ බාහිරින් කිසිදු හානියක් සිදු නොවී තිබුණු අතර නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියද ඉතා සුමටව සිදු විය. එහෙත් මුළු කාර්ය මණ්ඩලයම හුස්ම හිරවීමකින් මිය ගිය බවක් පෙනෙන්නට තිබුණි. මියගොස් සිටියේ අභ්‍යවකාශගාමීන් වූ ජෝර්ජි ඩොබ්රොවොල්ස්කි, ව්ලැඩිස්ලාව් වොල්කොව් සහ වික්ටර් පට්සෙව් ය. ඒ අනුව අභ්‍යවකාශයේදී මියගිය එකම පුද්ගලයින් තිදෙනා බවටද ඔවුන් පත් විය.

පෘථිවි වායුගෝලයට ඉහළින් ස්ථානගත කළ ලොව ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වූයේ 1971 අප්‍රේල් 19 දින දියත් කළ (මිනිසුන් රහිත) සෝවියට් සංගමයේ හි සැලියුට් 1 (Salyut 1) ය. සොයුස් 11 හි අරමුණ වූයේ එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාර්ථකව ගොඩබෑමට සහ එහි කාලයක් ගත කිරීමයි. සොයුස් 11 ඔවුන් දියත් කරනු ලැබුවේ ඊට පෙර සැලියුට් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීමට ගොස් එහෙත් එය අසාර්ථක වී යළි පෘථිවියට පැමිණි සොයුස් 10 යානය දියත් කිරීමෙන් පසුවය. ඔවුන් මෙම සොයුස් 11 යානය විශේෂයෙන්ම සැලසුම් කර තිබුණේද සැලියුට් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීමට හැකි වන අයුරිනි.

සොයුස් 11 1971 ජුනි 6 වන දින දියත් කරන ලද අතර එය ජූලි 7 වන දින සැලියුට් 1 සමඟ සාර්ථකව සම්බන්ධ විය. ඉන් අනතුරුව ජෝර්ජි ඩොබ්‍රොවොල්ස්කි, ව්ලැඩිස්ලාව් වොල්කොව් සහ වික්ටර් පට්සායෙව් තිදෙනා දින 22 ක් සැලියුට් 1 හි රැඳී සිටින ලදී. එයත් සමග එය සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ අතිවිශිෂ්ට සාර්ථකත්වයක් වූ අතර සෝවියට්වරුන් විසින් ලබා ගත් විශාල ජයග්‍රහණයක්ද විය. ඊට අමතරව මෙම මිනිසුන් තිදෙනා එවකට තිබූ අභ්‍යවකාශය පදනම් කරගත් වාර්තා කිහිපයක්ද බිඳ දැමීමට සමත් විය.

එමෙන්ම ඔවුන් එහි සිට පෘථිවියට රූපවාහිනී විකාශන කිහිපයක්ද සිදු කළ අතර දීර්ඝ කාලයක් අභ්‍යවකාශයේ ගත කළ ජීවිතය පිළිබඳ වටිනා දත්ත රාශියක්ද වාර්තා කළහ. සති තුනකට පසු ඔවුන්ගේ දත්ත සහ නව සොයා ගැනීම් රාශියක්ද සමඟ ජයග්‍රාහී ලෙස මේ මිනිසුන් තිදෙනාට නැවත පෘථිවියට පැමිණීමට කාලය පැමිණියේය. නමුත් අවාසනාවන්ත ලෙස එය එසේ සිදු නොවීය.

සොයුස් 11 සැලියුට් 1 න් සාර්ථකව විසංයෝජනය වී නැවත පෘථිවි වායුගෝලයට පැමිණීමට සූදානම් වීමට පටන් ගත්තේය. එහෙත් ව්‍යවසනය සිදු වූයේ ඒ මොහොතේදීය. සේවා මොඩියුලයෙන් වෙන්වීමේදී අභ්‍යවකාශ යානයේ පහළ වූ කපාට(valve) මුද්‍රා දෝෂයක් හේතුවෙන් එය විවෘත වී පුපුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම  මාරාන්තික අනතුර සිදු විය. සැතපුම් 104 ක් (කි.මී. 168) පෘථිවියට ඉහළින් සිදු වූ මෙමගින් කාන්දු වන කපාටයක් සහ අවකාශයේ රික්තය මාරාන්තික ලෙස සංයෝජනය වී කාර්ය මණ්ඩල මැදිරියෙන් සියලුම වාතය වේගයෙන් උරාගෙන එය පීඩනයට පත් කළේය.  අභ්‍යවකාශගාමීන්ගේ ආසනවලට යටින් මෙම කපාටය සඟවා තිබූ නිසා ගැටළුව නියමිත වේලාවට විසඳීමට ඔවුන්ට නොහැකි විය. ඒ අනුව කාර්ය මණ්ඩලය තත්පර කිහිපයකින් මිය යන ලදී.

ප්‍රතිගාමී ගින්නෙන් තත්පර තුනකට පසු මෙම අනතුර සිදු වූ අතර ඉන් පසු මැදිරියේ පීඩනය ශුන්‍යයට පැමිණ තිබේ. එම කාලය තුළ කාර්ය මණ්ඩලයේ තිදෙනාම මිය ගියහ. හදිසි මරණ පරීක්‍ෂණයේදී හෙළි වූයේ ඔවුන් තිදෙනා ක්‍ෂණිකව නොඑසේ නම් ඉක්මනින් මිය ගොස් ඇති බවයි. යානය තුළ පීඩනයකින් තොරව කාර්ය මණ්ඩලයට දිවි ගලවා ගැනීමට කිසිදු අවස්ථාවක් නැත.

පීඩනය නැති වීම ඉක්මනින් සිදු වූවත් එය පුපුරන සුළු නොවීය. එම නිසා කැප්සියුලයට කිසිදු හානියක් සිදු නොවූ අතර කැප්සියුලය නැවත පෘථිවියට පැමිණෙන තුරු එහි යම් දෙයක් අවුල් වී ඇති බව පෘථිවියේ සිටි අභ්යවකාශ වැඩසටහනේ සාමාජිකයින් නොදැන සිටීම නම් පුදුමයකි. 

සෝවියට් විද්‍යාඥයින් ප්‍රකාශ කළේ කාර්යමණ්ඩලය ගැටලුවේ මූලාශ්‍රය ඉක්මනින් හඳුනා ගත්තා නම් සමහර විට ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට පියවරක් ගැනීමට ඔවුන්ට ඉඩ තිබූ බවයි. ඔවුන් ප්‍රකාශ කළේ එම කපාටය අතින් වසා දැමීමට හැකි බවයි. නමුත් මෙම කපාටය වසා දැමීමට මිනිත්තුවක පමණ කාලයක් ගත වන අතර මෙවැනි මාරක අනතුරක් වළක්වා ගැනීමට එම කාලය ඉතා වැඩිය.

වර්තමානය වන විට සොයුස් 11 හි කාර්ය මණ්ඩලයේ තිදෙනා වූ ජෝර්ජි ඩොබ්රොවොල්ස්කි, ව්ලැඩිස්ලාව් වොල්කොව් සහ වික්ටර් පට්සායෙව් යන අය අභ්යවකාශයේදී මිය ගිය එකම පුද්ගලයින් ලෙස හදුන්වනු ලබයි. ඇත්ත වශයෙන්ම පෘථිවිය හැර වෙනත් ස්ථානයක මිය ගිය එකම මිනිසුන් වන්නේද ඔවුන්ය. සොයුස් 10 හි අසාර්ථක වීමෙන් පසුව සහ සොයුස් 11 හි විනාශකාරී ප්‍රතිඵලයෙන් පසුව එම වැඩසටහන සෝවියට්වරුන් විසින් අවලංගු කරන ලදි. සෝයුස් වැඩසටහනේ මිනිසුන් සහිත පියාසර කිරීමට උත්සාහ කළ එකම අවස්ථා දෙක වූයේද එයයි.

මනුෂ්‍ය වර්ගයාගේ අභ්‍යවකාශ වැඩසටහන් වටා බොහෝ අනතුරු සිදු වී ඇත. එයින් සමහරක් ඉතා මාරාන්තික ඒවාය. එහෙත් ඒ සියලුම මරණ සිදු වූයේ පොළොවේ හෝ වායුගෝලය තුලදීය. පෘථිවියට බොහෝ ඉහළින් අභ්‍යවකාශයේ සිදු වූ එකම සිද්ධිය ලෙසට මෙය ඉතිහාසයට එක් වේ.

පෘථිවියෙන් එපිට මිය ගිය ඉතිහාසයේ එකම පුද්ගලයින් තිදෙනා (The Only Three People In History Who Died Off Earth) - Your Choice Way
සොයුස් 11 ඉස්මතු කරන ලද සෝවියට් සමරු මුද්දරයක්

පෘථිවියෙන් එපිට මිය ගිය ඉතිහාසයේ එකම පුද්ගලයින් තිදෙනා (The Only Three People In History Who Died Off Earth) - Your Choice Way
ප්‍රතිචාර නොදක්වන සොයුස් 11 කාර්ය මණ්ඩලය සොයා ගැනීමෙන් පසු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පෘථිවියෙන් එපිට මිය ගිය ඉතිහාසයේ එකම පුද්ගලයින් තිදෙනා (The Only Three People In History Who Died Off Earth) පෘථිවියෙන් එපිට මිය ගිය ඉතිහාසයේ එකම පුද්ගලයින් තිදෙනා (The Only Three People In History Who Died Off Earth) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2022 Rating: 5

0 comments:

Post a Comment