Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ

Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ

Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ
Song Title : Mihiriye Nube (මිහිරියේ නුඹේ)
ගායනය : අමරසිරි පීරිස් සහ උරේෂා රවිහාරි
පද රචනය : අමිල තේනුවර
තනුව : දර්ශන රුවන් දිසානායක


මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා

මිහිරේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා

මේ ආදරය තමා

ස්වේත මීදුමින් රෑම වෙලීලා
සීත මුවහත් මුවාව මුදෝලා

මාගේ පයේහි නූපුර හිනාව
පය ඉහළින් නද දුන් නිසා
හීතල නැසේවි
පාමුල වැටේවි
ආයෙත් ඉපදේවා කියා

මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා

සොඳුරු සොඳුරු අනතුරුම වෙනවනම්
අඳුර අඳුර මිහිරිදැයි මොනතරම්
මාගේ ළයේහි තාමත් දිසේවි
සඳරැස් හී සැර වැදීලා
මා නෙතු පියේවි නිදි නම් නොඒවි
හිත රෑ අහසේ විසි කළා

මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා

මිහිරේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා

මේ ආදරය තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2022 Rating: 5

0 comments:

Post a Comment